(නිමල කොඩිතුවක්කු සහ යොහාන් බාසුර)
කොරෝනා අසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ වන ජලනි පේමදාස මහත්මිය සුවය ලබා සිය නිවස වෙත අද(11) පැමිණියහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජලනි ප්‍රේමදාස මහත්මිය රෝහලෙන් සුවය ලබා ප්‍රථමයෙන් කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත් වලට සහභාගි වෙමින් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්හ.
මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමිපාණන් වහන්සේ, තීනියාවල පාලිත නාහිමිපාණන් වහන්සේ, ය උග්ගොඩ ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ, ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සියලු රට වැසියන්ට ආශිර්වාද පතා සෙත් පිරිත් සජ්ජායනාවක් පවත්වනු ලැබූහ.
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය ඉකුත් 23 දා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝගය හොඳ වුනම ගෙදර නිරෝධායනය ඕනෙ නෑ. පන්සලට තමා යන්ඩ ඕනෑ. සමහර විට විපක්ෂ නායක කම බේරගන්ඩ බාරයක් වෙන්ඩ ඇති
ධර්මානුකූලව හැසිරෙන්න බලාගෙන ඉන්නේ..!!!
ඇයි මේ නීති දෙකක් - මෙයාලට නිවෙස් නිරෝධයනය නැද්ද?
ආයෙත් ස්ට්‍රයික් එකක් එහෙම කරන්න කාලේ...!!!
මේ කර්තව්‍යයට සහභාගී වූ සියලුම දෙනා නිරෝධායනයට පත්වේවි. එහෙත් මේ අවස්ථාව ප්‍රතික්ෂේප කල නොහැකි , ඒත් පිළිගත යුතු සානුකම්පිත අවස්ථාවක්.
ඔබ දෙපළට ඉක්මන් සුවය ලැබීම ගැන සතුටු වන අතර, නිදුක්, නිරෝගී දීර්ඝායුෂ පතමි.
මම හිතුවා අනික් අයට සුව වෙනකම් එයා සුවකර ගන්නේ නැහැ කියයි කියලා.