
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්ම දින සමරුව නිමිත්තෙන් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරු හෙට (17) එක වේදිකාවට පැමිණෙති.
"ජේ.ආර් ආණ්ඩු කරණය සහ මැද මාවත" ලෙස නම් කර ඇති මෙම සමරු වැඩසටහන
කොළඹ 07 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවනාගාරයේදී හෙට පස්වරු 2 ට පැවැත්වෙන බව මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ සභාපති හිටපු රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවසීය.
මෙම ජේ.ආර් සමරු වැඩසටහන සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර,සභාපති කබීර් හෂීම්,භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා,ජාතික සංවිධායක තිස්ස අත්තනායක,පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක,හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ,එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,මහලේකම් තලතා අතුකෝරළ,සභාපති වජිර අබේවර්ධන,උපනායක අකිල විරාජ් කාරියවසම්,හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහත්වරුන් ප්‍රමුඛ පක්ෂ දෙකේ නායකයෝ සහභාගී වෙති.
මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය
( DSSPA Alumni Club)මෙම සමරු වැඩසටහන සංවිධාන කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd