
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සුජිත් කියලා කෙනෙක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී තමාට පහර දුන්නා යැයි යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මට යම් සිද්ධියක් වුණා . මම පාර්ලිමේන්තුවට ආවේ පළවෙනි වතාවට. මම කතා කරන්න විපක්ෂ නායකගේ ඔෆිස් එකට ගියා. ඒ මට වෙන් කරලා තියෙන වෙලාව බලන්න. එතකොට එතන සුජිත් කියලා එක්කෙනෙක් මට ගැහුවා. මේක අපේ පාර්ලිමේන්තුව ඇතුලේ සිද්ධ වෙනවා නම් අපි පාරවල් වල යන්නේ කොහොමද?
නියෝජ්‍ය කාරක සභා සභාපතිනී හේමාලි වීරසේකර මහත්මිය:-
ඒක කථානායකතුමාට පැමිණිලි කරන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා ඉදිරියට හොඳම පාර්ලිමන්ට් ජෝක්ස් ටිකක් පෙන්වයි. බලන් ඉමු.
යාපනේ උන්දලාටත් හොඳ පාඩම් මේ වගේ බබාලා මැතිසබේට එව්වට.
හරියට කියපං... සුජිත් ද? සජිත් ද?
ගැහුවා ?කොහෙටද ?රිදුනද ?පව් ඔයා
මේකා නම් හරිම ඇණයක්.
ඒක වෙන්න ඇති සජියා එක්ක සෙල්ෆි අරන්, එකට කාලා බීලා විනෝද වුනේ. අනේ ඔයත් නිකං ගම්මන්පිල 2.0 වගේමයි.
යාපනයේ ජනතාව මහ මැතිවරණයේදී තව පොඩ්ඩක් පරිස්සම්වුනානම්, මේ වගෙ ගව දොස්තරලා දියවන්නාවට නොඑවන්න....
මෙන්න මේ හාදයව අංගොඩ යවලා වාර්තාවක් අරගන්න. කොටිවලිග අල්ලගෙන දඟලනවා.
සුජිත් සංජය යනු පාර්ලිමේන්තුවට නුසුදුසු පුද්ගලයෙකි. ඔහු මැතිවරණ සමයේ කෑගල්ල නගරයේදී පුද්ගලයකුට පහරදීම නිසා පොලිස් අත්අඩංගුවට පත්විය. පාර්ලිමේන්තුව තුලදී ඩයනා ගමගේ මන්ත්‍රීවරියට බෙල්ලෙන් අල්ලා පහර දිමක් සිදුවිය. අද දිනයේදී යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුව තුලදී පහරදී ඇත. සමගි බලවේගය ජාතිවාදීන්, අන්තවාදීන් සහ මැරයන්ගෙන් සමන්විත දේශපාලන පක්ෂයකි. මෙවැනිම මැර දේශපාලකයන් ආර් ප්‍රේමදසටත් වටත් සිටියේය.
පාර්ලිමේන්තුවට එන්න ඕනෑ නැති අයත් ඇවිල්ලානේ...
සුඡිත්ට මල්මිටක්
මෙවැනි අනවශ්‍ය සිදුවීම් නිසා යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා උතුරේ ජනතවගේ පමණක් නොව දකුණේ ජනතව අතර ජනප්‍රිය දේශපාලකයකු බවට පත්වනු ඇත. ඔහුට දේශපාලන අද්දැකීම් නොමැති වන්නට පුළුවනි. නමුත් දේශපාලන අද්දැකීම් සහිත පුද්ගලයින් පාර්ලිමේන්තුවේදී මේ ආකාරයෙන් හැසිරීම සිදුනොවිය යුතුවේ. අර්චුනා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීම පිළිබඳව සලකා බැලිය යුතුවේ. ඔහු නවක මන්ත්‍රීවරයකු වශයෙන් සහ උතුර නියෝජනය කිරීම පමණක් නොව දකුණේ ජනතාවටද කතා කළහැකි හැකියාවන් තිබෙන්නා වූ දේශපාලකයින් මතුවීමට අවහිර නොකළ යුතුවේ. ඔහුගේ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගත යුතුවේ. පාර්ලිමේන්තුවේ සිටිනා දුෂිතයන් නවක දක්ෂ මන්ත්‍රීවරුන්ට බියක් දක්වන බවක් පෙනේ....
ගහන්න නෙවෙයි තියෙන්නේ පයින් ගහන්න. ඉගෙන ගත්තා කියලා බුද්ධිය නැහැ. පත් කරපු හරක් රැල ගැනයි දුක.
මෙම පුද්ගලයා මානසික ආතතියකින් පෙළෙන බව පෙනේ. ඔහු පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර ඔහුට ප්‍රතිකාර කර යුතුයි.
ඉතාම නරක සිදුවීමක්, පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී කෙනෙකු අඩන්තේට්ටම් වලට ලක්වෙනවා කියන්නේ හොඳ දෙයක් නෙවෙයි.
තමුසෙගෙ පිස්සු වැඩ නිසා ගුටි කෑමට නියමිතයි.
පාර්ලිමේන්තුවට මේ වගේ පිස්සෝ එවන්නේ මොකටද?
මෙයාට පිස්සු.. විශ්වාසබංගයකින් මෙයාව දැන්ම එළව්වේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා ඉදිරියේ දී
ස්තූතිය
මේ පුද්ගලයාට පුද්ගලික ගැටළු රාශියක් තියෙනවා...
ලංකාවට විරුද්ධව මානව හිමිකමට කියන්න කරුණු රැස් කරනවා.
ඉස්සෙල්ලා හැසිරෙන්න ඉගෙන ගන්න. ඔබේ හැසිරීම මන්ත්‍රී කමට ගැලපෙන්නේ නෑ. ඔයා දොස්තර කෙනෙක්ලු නේද? මට නම් පේන්නේ කොන්දොස්තර කෙනෙක් වගේ. උගත්කමට බාල්දු කරන්න එපා...
මෙන්න මේ මිනිහට ටීවී එකේ රියලිටි වැඩසටහනක් හදල දීල පාර්ලිමේන්තුවෙන් අයින් කරන්න. ආපු දවසෙ ඉදන් මේ මිනිහගෙ පෞද්ගලික ප්‍රශ්ණ විසදනව ඇරෙන්න වෙන වැඩක් නැහැනෙ. පිස්සෙක්. දමිල මිනිස්සුන්ටත් අපහාසයක් මේ බූරුව.
මට නම් පේන්නේ මේ මනුස්සයා එන්නේ වෙන පොටකට
තවත් බෝන් අගේන් ලොක්කෙක්…. ජෙප්පොන්ගේ මොකක්ද මේ බෝන් අගේන් පල්ලියත් එක්ක තියෙන සම්බන්දය…? LTTE ඩයස්පෝරාත් බෝන් අගේන් නිසාද…?
හරියට හැසිරෙන්න දන්නේ නැති වුනහම මිනිස්සුන්ගේ ගුටි කන්න සිද්ධ වෙනවා , අර පිරිසක් ඉස්සරහ කිසිම සාධාරණ හේතුවක් නැතුව උතුරේදී රාජකාරියේ යෙදී සිටින හමුදා නිලධාරියාට පරුෂ වචනෙන් ඔබ බනින ආකාරය සමාජ මාධ්‍යවලින් මම දුටුවා , ඔබ මිනීමරුවන් ලෙස හදුන්වන හමුදා නිලධාරීන්ට තිබෙන විනය සහ හික්මීම රටේ සාමාන්‍ය ජනතාවට නොමැතිබව සිතට ගන්න , තවදුරටත් ප්‍රසිධියේ පිස්සු නැටුවොත් , ත්‍රස්තවාදයට උඩ ගෙඩි දුන්නොත් , දකුණේ ජනතවට කලින් උතුරේ මිනිස්සු ඔබට ගල්ගසා එලවල දමන බව සිතට ගන්න , එකට හේතුව යුධෙන් වැඩිපුරම බැට කෑවේ ඔවුන් නිසා , සුමන්තිරන් , ඇතුළු උගත් බුධිමත් දේශපාලකයෝ රටේ ඉන්නවා නමුත් ඔවුන් ඔබ මෙන් පිස්සු නටන්නේ නැති බව සිතට ගන්න , ඔබ ඔය හැසිරෙන ආකාරය රටේ සියලුම වෛද්‍යවරුන්ට කරන නිග්‍රහයක් , ජාතිවාධය දැන් රටේ මාර්කට් කරන්න බැරි බව සිතට ගන්න
ඕකට ගහන්න ඕන
මූ පාර්ලිමේන්තුවට ආවේ ගේමකටම තමා. කතාවෙන් තේරෙනවා.
මේ මිනිහා පාර්ලිමේන්තුවේදී මම දොස්තර කෙනෙක් කියලා කියනවා. තවත් වැදගත්කමක් තියෙන බුද්ධිමත් දොස්තරවරුන් බොහෝමයක් පාර්ලිමේන්තුවේ ඉන්නවා.. ඒ කිසිම කෙනෙක් පාර්ලිමේන්තුවේදී මම දොස්තර කියන්නේම නැහැ. ඔහුට තේරෙන්නේ නැහැ පාර්ලිමේන්තුවේ ඉන්නේ මන්ත්‍රීලා මිස දොස්තරලා නොවෙයි කියලා ගරු කටයුතු දොස්තර තනතුර තවදුරටත් අවශ්‍ය නම් රෝහල් සේවයට යන්න පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් මමත් මන්ත්‍රී කෙනෙක් කියන්න මෙතෙක් ඔබ දැරූ තනතුර අපහාසයට ලක්කරන්න එපා... උගත්කකම හා බුද්ධිමත්කම කියන්නේ දෙකක් මන්ත්‍රීතුමා...!
මම ද්‍රවිඩ ජාතිකයෙක් පිට කොටුවේ බිස්නස් කරනවා. පදිංචිය මහරගම රටේ සිංහල මිනිස්සුන්ට තිබෙන ප්‍රශ්නම තමා අපටත් තිබෙන්නේ... ජීවන බර ඉහළ යාම... රජයේ කාර්යාලවලින් වැඩක් කරගන්න ගියාම හැම එකකටම අල්ලස් දෙන්න සිදුවීම වැනි දේවල්..., සියලු දෙනාම එකතුවෙලා අල්ලස් දූෂණය නැති කරන්නේ කටයුතු කළොත් රට දියුණු වේවි... සිංහල, දෙමළ දෙපාර්ශවයේම ඉන්න සුළුතරයක් කරන ක්‍රියානිසා රටේ ජාතිවාදී ප්‍රශ්න ඇතිවෙනකොට මුලින්ම තැලෙන්නේ බිස්නස් එකක් කරගෙන ජීවත්වෙන අපි වැනි කුඩා මිනිස්සු... මෙයා පාර්ලිමේන්තුවෙන් එලවලා දමන්න ඕනේ. රටේ අනවශ්‍ය ජාතිවාදී ප්‍රශ්න ඇතිවෙනවාට ද්‍රවිඩ ජාතික බහුතරයක් කැමැති නැහැ. මේ ගොල්ල මුලින්ම පටන්ගන්නේ ද්‍රවිඩ ජාතිකයින්ගේ ප්‍රශ්න විසඳනවා කියලා... නමුත් මේ ගොල්ලන් කරන්නේ නැති ප්‍රශ්න අලුතෙන් හදන එක...