(සුජිත් හේවාජුලිගේ )
එදිනෙදා හම්බ කරගෙන ජීවත්වෙන විශාල පිරිසක් රට මේ ආකාරයට වසා දැමීම ගැන දැඩි විරෝධය මතු කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
තමාට දිනපතා ලැබෙන දුරකථන ඇමතුම් වලින් ඒ බව පැහැදිලි වන්නේ යයිද යුද හමුදාපතිවරයා කීය.
එදිනෙදා ජීවනෝපාය කරගෙන යන ඒ ජනතාවගේ ප්‍රශ්නය ගැන හොඳ අවබෝධයක් ඇතත් වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව මේ ආකාරයට කටයුතු කිරීමට සිදු වූ බව කී ශවේන්ද්‍ර සිල්වා මහතා එම වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව දිගටම කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.
රජය විසින් පනවනු ලැබූ සංචරණ සීමා නීතිවලට ජනතාව ඉතා හොඳින් අවනතව කටයුතු කරන තත්වයක් පෙනෙන්නට තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් තමා පොදුවේ සියලු ජනතාවට ස්තුතිය පුද කරන බවත් ඔහු සඳහන් කළේය.
සියලු දෙනා එකතු වුවහොත් කොරෝනා සතුරා පරාජය කිරීම අපහසු නැතැයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තමයි නොහැකියාව කියන්නේ ... මිනිස්සුන්ට අත්‍යවශ්‍ය දේවල් ලබා දෙන්න ක්‍රම වේදයක් නෑ .. කන්න නැති උනාම මිනිස්සු ආණ්ඩුවට බනිනවා. හැබැයි කොරෝනා හැදිලා මැරුණට ආණ්ඩුවට බනින්නේ නෑ .. අගුළුදැම්ම නොකර වෙරසය පැතිරෙන්න දුන්නේ මේ හේතුව නිසා. හමුදාවට මිනිස්සුන්ගේ තිබුන ගෞරවයත් නැති කලා.
ඒ විදියට අපහසුතාවයන්ට ලක් වෙන අය සිටී නම් ඒ ගැන බලා ගැනීම රජයේ වගකීමයි. වෛද්‍ය විශේෂඥයන් රට වහන්න උපදෙස් දෙන්නේ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මිස කිසිවෙක් අපහසුතාවයට පත් කරන්න නෙවෙයි. හමුදාපති ගේ කතාවෙන් නොකියා කියන්නේ එදිනෙදා ජීවනෝපාය කරගෙන යන අය වෛද්‍යවරුන් නිසා අපහසුතාවයන්ට ලක් වී ඇති බවයි. එය ඉතා වගකීම් විරහිත ප්‍රකාශයක්.
කමක් නැ සර් සුමානයක් දෙකක් අල්ලන් ඉමු කවුරුත් බඩගින්නේ මැරෙන්නේ නැහැ නමුත් කොරෝනා නිසා මිනිස්සු හුඟාක් මැරෙනවා
අපොයි නෑ. සමහරුන්ට කිසිම දුෂ්කරතාවයක් නෑ. ඔය කාටවත් නොකියා ඇමෙරිකාවටත් ගියේ. දැන් කියනවා " විපක්ෂයේ අය ප්‍රචාරය කරනවා වගේ රටෙන් පිට ගිහින් නෑ. පෞද්ගලික අවශ්‍ය තාවයකට මේ ඇමෙරිකාවට ගියා විතරයි" කියල. මේ විහිලු කතා වලට රැවටෙන අයටයි තලන්න ඕන.
කලින් කළා නම් අද මෙහෙම වෙන්නේ නැ නේ
ඔව් මහත්තයා, ඒක අපිත් දන්නවා. ඒකනේ රජයෙන් මේ වන විට එ මිනිස්සුන්ට සහන මුදල් හෝ කන්න බොන්න බඩූ බෙදා දේම කිරීම ක්‍රමය ක් තිබිය යුත්තේ. මේ වැඩකට නැති දේශපාලනඥයන් සැප ට නඩත්තු කරන මුදල් වලින්, ජනතාව බලා ගන්න ඕනේ. ඔක්කොම පන්දම් අල්ලන විදිහට රටේ වැඩ කටයුතු කෙරුණා ම ඇත්තටම හදිසියක් මෙවැනි අවස්ථාවල වගේ උනහම නිසියාකාරව ක්‍රියාත්මක වන යාන්ත්‍රණය ඇතතේ නැ.
මේවා මෙයාගේ හිතලු, එදිනෙදා හම්බකරන් කන මිනිස්සුන්ට පුලුවන්ද හමුදාපතිට කෝල් කරන්න.