(රංජන් කස්තුරි)
කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය රටපුරා තදින් පැතිර යමින් තිබියදී රජය සංචරණ සීමා ඉවත්කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමකැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කරයි.
මේ වනවිට කොරෝනා රෝගීන් වැඩි වැඩියෙන් හමුවන අතර ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණයද ඉහළ ගොස් ඇතැයි ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂ, වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පැවැසීය.
රෝහල්වල රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ධාරිතාවය උපරිම මට්ටමට ළඟාවී ඇතැයි ද රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළයාම දැඩි අනතුරුදායක තත්වයකැයි ද ලක්කුමාර් ප්‍රනාන්දු මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව නොමග යවන්න එපා මහත්තයෝ. හැමදේම හොඳටම වෙනවා. මහත්තයා කතා කරන්නේ වෙන රටක් ගැනද? ලංකාවේ එහෙම ලෙඩක් නෑ. දවසට 60ක් විතර නම් මැරෙනවා මිනිස්සු. ඒක වෙන ලෙඩක්. කොරෝනා නොවේ..
ඕවා කියන්නේ මිනිස්සුන්ට ආණ්ඩුව එපා කරවලා ඊළඟපාර බලයට එන්න. බොරදියේ මාළු බාන්න එපා.
ඔබතුමා කොරෝන අවදානම උත්සන්න වන හැම අවස්ථාවකම මාධ්‍ය සහ ජනතාව දැනුවත් කළා. එහෙත් අපේ රටේ පාලකයින් බීරි අලින් සේ හිටියා. අදත් තත්ත්වය එසේම තියෙනවා. වෙනදාට වඩා අද ඩෙල්ටා ප්‍රභේදය ඇවිත්. අවදානම කලින් තිබුණාට වඩා වැඩියි. දැන් මියයන හැම පුද්ගලයෙක් වෙනුවෙන්ම සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් තුමා වගකිව යුතුයි. රටේ නීති පැනවීමේ බලය එතුමාට තියෙනවා. එ්ත් එතුමා අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට කරන්නේ නෑ. කාට හෝ බයෙන් ඉන්නවා කියලා අපට හිතෙන්නේ... දැන්වත් අනිල් ජාසිංහ මහතා ආදර්ශයට ගෙන කටයුතු කළොත් හොඳයි. නැත්නම් අප සැමට අබ සරණයි.
මේ විදිහට රෝගීන් වැඩිවෙන්නේ කාගේ වරදින්ද? තමුන් පරිස්සම් වෙනවා නම් කොහොමද රෝගය බෝවෙන්නේ...? මිනිස්සුන්ට කොපමණ කීවත් අහන්නේ නැතිනම් චීනෙ වගේ වෙඩිතියලා දාන්න ඕනේ... එහෙම නැතිනම් මාධ්‍ය සාකච්ඡා තිය තියා ඉම්මු.
දැන් මොකක්ද ඇවිලෙන්නේ? අැවිලිලා ඉවරයි.