(යොහාන් භාසුර)

රුපියල් කෝටිය බැගින් වැය කරමින් මෙම වසරේ ගමනාන්ත සංචාරක ගම්මාන 25 ක් ඉදිකරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මෙම සංචාරක ගම්මාන ඉදිරිකිරීමේ අරමුණ කර්මාන්තයේ ප්‍රතිලාභ එම කර්මාන්තය ආශ්‍රිත ස්වයං රැකියාවේ යෙදෙනන්ගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා බෙදියාමට සැලැස්වීම බවත් සංචාරක ආකර්ශනිය ස්ථාන ආශ්‍රිත ගම්මානවල වෙසෙන ජනතාවගේ ආර්ථික තත්ත්වය නංවාලිම මෙහි තවත් අරමුණක් බවත් අමාත්‍යවරයා කීය.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වන පරිදි ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමට රජය කටයුතු කරමින් සිටින බවත් ඒ සදහා මෙවැනි ජනතා සහභාගිත්වය සහිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සංචාරක ගමනාන්ත ගම්මාන වැඩපිළිවෙල පිළිබඳව සංචාරක අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එසේ පැවසීය.