IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


සෞඛ්‍යයේ දියුණුවට ජපානෙන් දිගටම උදව්

(අංජුල මහික වීරරත්න)

කොළඹ  ජාතික රෝහලේ ජපන් රජයෙන් පරිත්‍යාග ලෙස ස්ථාපිත යන්ත්‍ර සූත්‍ර නිරීක්ෂණය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා (H.E. Akio Isomata) මහත්වරුන් ඇතුළු ජපාන දූත පිරිසකගේ සහභාගීත්වයෙන්  සිදු කෙරිණි.

බාහිර රෝගී අංශයේ ස්ථාපිත රෝග විනිශ්චය නිරූපණ මධ්‍යස්ථානය, හදිසි ප්‍රතිකාර ඒ්කකය සහ හදිසි අනතුරු ප්‍රතිකාර අංශය ද ඔවුන්ගේ නිරීක්ෂණයට ලක් විය.

ජපන් රජයේ සහ ජපන් ජනතාවගේ පරිත්‍යාගයන් ලෙස ශ්‍රී ජාතික රෝහලට ලබා දුන් උපකරණ වලින් සිදුවන ප්‍රතිකාර සේවාවන්  පිළිබදව  අවබෝධයක් ලබා ගැනීමත්, ජපාන රජයේ සහයෝගය ඉදිරියටත් මෙරට සෞඛ්‍ය පද්ධතියේ සංවර්ධනයට දායක කරගැනීමත් අරමුණු කරගනිමින් මෙම නිරීක්ෂණය  සිදුකෙරිණි.

මෙරට ජනතාවගේ සෞඛ්‍ය තතත්වය ඉහළ නංවාලීම සදහා මෙන්ම කාර්යක්ෂම, විශිෂ්ට ප්‍රතිකාර සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණින් M.R.I යන්ත්‍රයක්, C.T. Scan යන්ත්‍රයක්, Cathlab ප්‍රතිකාර අංශයක්, ඇතුළුව වෛද්‍ය හා ශල්‍ය උපකරණ, මෙන්ම අත්‍යවශ්‍ය උපකරණ රාශියක් ශ්‍රී ලංකා ජාතික රෝහලට මීට මාස කිහිපයකට පෙර ජපන් රජයෙන් ලබා දීමට කටයුතු කර තිබුණි. එම උපකරණ සියල්ලෙහි වටිනාකම ජපන් යෙන්  මිලියන 1000 කි.

මෙරට ජපාන තානාපති අකියෝ ඉසෝමාටා මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව හා ජපානය අතර  දීර්ඝකාලීන මිතුදමක් පවතින අතර මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනාගත සංවර්ධනය වෙනුවෙන් මෙතෙක් ලබාදුන් සහාය ඉදිරියටත් අඛණ්ඩව ලබාදෙන බව යි.



අදහස් (0)

සෞඛ්‍යයේ දියුණුවට ජපානෙන් දිගටම උදව්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site