(යොහාන් භාසුර)
හෙද පරිපූරක වෛද්‍ය සේවාවන්ගේ පොදු ඉල්ලීම් සදහා විසඳුම් ලබා දීමේදී රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය හිතාමතාම බෙදීම් ඇති කිරීම හේතුවෙන් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් ලබන සදුදා (5 වැනිදා) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇතැයි පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණව සිටියේය.
අදාල අමාත්‍ය මණඩල පත්‍රිකා නිවැරදි කරන තුරු නැවත සේවාවන් වෙත වාර්ථා නොකිරීමට පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීයවේදීන්ගේ හා අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තිය සමිති ඒකාබද්ධව තීරණය කර ඇතැයිද රවි කුමුදේශ් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්‍ය සේවය යනු උතුම් සේවයක්... එහෙත් මේ දේශයේ සිටින අය කරන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමයි. ඊයේ දිනයේ වර්ජනයෙන් දිනූ අයද, අද දිනයේ වර්ජනය කරන නුඹලාද, කැඩපත ඉදිරියට ගොස් මුහුණ බලන්න. මෙවන් කාලයක මෙවන් වර්ජන කරන්නට හිත හදා ගන්නේ කොහොමද?
රුසියාවට වඩා ලොකුයි ඊරිසියාව.. වෙද කඩ දාගෙන රස්සා කරන වෙලාවෙත් මේ අයට පුද්ගලික වැඩ කරන්න හොඳයි.. අනිත් මිනිහාට මොනවාහරි හම්බ වුනොත් ඉරිසියාවේ පැලෙන්න යනවා.. තමුන්ගේ දරුවන්ට දිරවනවද ඔය අසාධාරණ සල්ලි..?