
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ කිරීමේ දී පාර්ලිමේන්තු වෙිත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සහ නියෝජ්‍ය වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහත්වරුන් බිම ඇද වැටී ඇත.
හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, ගයන්ත කරුණාතිලක, හෙක්ටර් අප්පුහාමි, කාවින්ද ජයවර්ධන, මූජිබුර් රහුමාන් ඇතුළු තවත් පිරිසක් දිගින් දිගටම කතානායකවරයා මුලසුනට කැඳවන ලෙස බලකරමින් සිටින අතර හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරු සෙංකෝලය අසලට පැමිණියහ.
ඒ සමඟම වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා හා නියෝජ්‍ය වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතා සෙංකෝලය ආරක්ෂා කරමින් එය සිය යටතට පත්කරගන්නට උත්සාහ කිරීමත් සමඟ ඔවුන්ට පහර දීමක් සිදු වනු දක්නට ලැබිණ.
ඒ සමඟ සෙංකෝලය සමඟ වේත්‍රධාරිවරයා ඇද වැටුනු අතර සෙංකෝලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දැඩි පරිශ්‍රමයක් දරනු දක්නට ලැබිණ.
පසුව ඒ අසලට සමගි ජන බලවේගයේ සෙසු මන්ත්‍රීවරුද පැමිණි අතර පොර බැදීමේදී නියෝජ්‍ය වේත්‍රධාරී වරයාද ඇඳ වැටෙනු දක්නට ලැබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොං බූරු රැළක්... මේ මෝඩ මැර සෙට් එකට ගහලා එලවලා දාන්න කවුරුවත් නැද්ද ඔතන..? හැබැයි ඔය සජබයට තමයි හොරු ගෝ ගමේ ගැටවුන්ගෙන් මුලින්ම සබ්බුව හම්බ වෙන්නේ.. ඔය දාන ගොං පාට්වල හැටියට. ඒ අයට ඕන වැඩ මිසක් ගොන් ජෝක් කෑලි නෙවෙයි...!
නටන්න අන්තිම කාලයේ... වැඩි කාලයක් නැහැනේ... පාසලේ පොඩි ළමයි මීට වඩා හොඳයි..
සෙංකෝලය නෙවෙයි ජනතාව රැකගනිව්...!
සෙංකෝලෙට පොඩි විදුලියක් ලබාදෙමු. අල්ලපු ගමන් කැරකිලා වැටෙන්න.
නිර්පාක්ෂිකයි කියපු අරගලය දැන් ජවිපෙ අරගලයක් වෙලා. පටන් ගත්තේ ආණ්ඩුව පන්නන්නනේ. දැන් විපක්ෂය ගෙදර යවන්න වෙහෙසෙන්නේ...
සියලු පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු ගුටිකන දිනය වැඩි ඈතක නැතිබව පේනවා ..
පාර්ලිමේන්තුව කාලා කාලා හයිය පෙන්නනවා...!
ඔය 225 යවන්න ඡන්දේ දීපු ඔක්කොම වහල්ලු. ජෙප්පෝ කියන්නෙත් රට ගිනිතියපු දේපළ විනාශ කරපු අය... ඔවුන් සහ අනෙක් දේශපාලකයින් අතර කිසිම වෙනසක් නෑ. ඔක්කෝම යන්න ඕනේ. අරගලය නිර්පාක්ෂික වියයුතුයි...
ඔය විපක්ෂයට ඔය වගේ දේවල් තමයි කරන්න පුළුවන්. පොහොට්ටුවට වගේම ඔවුන්ටත් යන එන මං නැතිවෙනවා.
දැන්වත් කට්ටිය තෙරුම් ගත්තොත් හොඳයි මේ ඔක්කොම අමන, මෝඩ රැලක් විතරයි කියලා. ඔවුන්ගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ...!
නොසණ්ඩාල මන්ත්‍රී වරුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට කටයුතු කරන්නැයි ගරු කතනායකගෙන් ජනතාව ඉල්ලා සිටිමු.