IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සැකකරුවෙක් පොලිසියට කළ හරියක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අත්මාංචු දැමු දෑතින් පොලිස් නිලධාරියාගේ ගෙල මිරිකා  කිඹුලන් ගහන දිය පිරුණුවලට පැන පලායාමට උත්සාහ දැරූ සැකකරුවකු දැඩි පරිශ්‍රමයක් දරා ප්‍රදේශවාසීන්ගෙන් සහයෙන් නැවතත් අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි.

මිල්ලනිය ප්‍රදේශයේ වෙළඳ සලකට පැන භාණ්ඩ සොරා ගැනීම සඳහා පැමිණි  සැකකරු භාණ්ඩ සොරකම් කරමින් සිටියදී වෙළඳ සැලේ හිමිකරුට ශබ්දය ඇසී ඇති අතර ඔහු එහි ගොස් පරීක්ෂා කිරීමේදී වෙළඳ සල තුල කිසිවකු සිටින බව දැක කෑ ගසා ඇති අතර එම අවස්ථාවේදී සොරකම් කරමින් සිටි පුද්ගලයා වෙළඳසැල් හිමියාට තියුණු ආයුධයකින් පහරදී පලා ගොස් තිබූ බව පොලිසිය සඳහන්කරයි.

එම අවස්ථාවේ තුවාල ලැබූ වෙළඳ සැල් හිමියා ගෝනදූව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර පානදුර රෝහල වෙත මාරු කර යවා ඇත.

පෙර දින රාත්‍රියේ පලා ගිය සැකකරු සොයා මිල්ලනිය පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර සැකකරු අඩංගුවට ගෙන  අත් මාංචුදමා යතුරුපැදියකින් රැගෙන එමින් සිටියදී සැකකරු මාංචු කුට්ටම යොදා තිබූ දෑත එකවරම යතුරුපැදිය ධාවනය කළ පොලිස් නිලධාරියාගේ ගෙල සිරකොට තිබූ බව පොලිසිය කියයි.

අනපේක්ෂිත සිද්ධියත් සමගම යතුරුපැදිය  පෙරළී ඇති අතර ඒ සමගම සැකකරු කිඹුලන් ගහන කොස්ගහවල  ගැඹුරු වලකට පැණ පලායාමට උත්සාහ දැරීමේදී ප්‍රදේශවාසීන් ද එක්ව  සැකකරු ගොඩ ගෙන නැවත පොලිස් ස්ථානයට රැගෙන ඒමට කටයුතු කර ඇත.

 



අදහස් (2)

සැකකරුවෙක් පොලිසියට කළ හරියක්

Chathuri Friday, 29 August 2025 06:34 AM

මාන්චු දාපු පුද්ගලයෙක්. පිටිපස්සේ තියන් මෝටර් සයිකලේ යන්නේ. අත් දෙක ඉස්සරහට දාලා ඕන කෙනෙක් ඔය දේ කරනවා. පොලිස් නිලධාරින්ට සාමාන්‍ය දැනුම ලබා දෙන්න. මේක ලොකු අනතුරක වැඩක්...

:       0       0

ජයන්ත පලිහක්කාර Friday, 29 August 2025 02:26 PM

අත් පිටිපස්සට ගෙන මාංචු දමන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2032 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site