(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොලොන්නාව සිංහපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදා ගැනීමට තැත් කළ පිරිසක් අහසට වෙඩි තබා විසුරුවා හැරීමට ඊයේ (30) රාත්‍රී කටයුතු කළ බව පොලිසිය කියයි.
කොළඹ අපරාධ කොට්ඨාසය පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් කොලොන්නාව සිංහපුර ක්‍රීඩාංගනය ප්‍රදේශයේ මෙහෙයුම් රාජකාරි වල යෙදී සිටියදී පුද්ගලයකු අත තිබූ යමක් විසි කරන අයුරු පොලිස් නිලධාරීන් දැක ඇත.
එම සැකකටයුතු පුද්ගලයා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට උත්සාහ කිරීමේදී ඥාතීන් සහ ගම්වාසීන් පොලිස් ජීප් රථය වටකර සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මුදා ගැනීම සඳහා උත්සහ කිරීමේදී අහසට වෙඩි තබා පිරිස විසුරුවා හැරීමට කටයුතු කළ බව පොලිසිය කියයි.
එම වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හෝ දේපළ වලට කිසිදු හානියක් වී නැත.අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක පුද්ගලයෙකි .
2025 දෙසැම්බර් මස 18
440
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1034
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැකකරු මුදා ගන්න ආ පිරිස අහසට වෙඩි තබා විසුරුවයි
අරවින්ද මොනරවිල Friday, 31 March 2023 01:30 PM
වාසනාවට අහසට තිබ්බ වෙඩි මිනිසුන්ගේ ඔලු වලට වැදිලා නැහැ....
Samitha S. Aluthgamage Friday, 31 March 2023 02:18 PM
පොලීසියෙන් යමක් විසිකොට බලෙන් අයුතු ලෙස අත්අඩංගුවට ගත් බව පැවසෙන වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙනවා පෙනුණා. එය මේ හා සම්බන්ධ නම්, එහි නිවැරදි තත්වය සොයා බැලීමට උනන්දු වෙන ලෙස බලධාරීන් වෙත මතක්කොට සිටිමු.