(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොලොන්නාව සිංහපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදා ගැනීමට තැත් කළ පිරිසක් අහසට වෙඩි තබා විසුරුවා හැරීමට ඊයේ (30) රාත්‍රී කටයුතු කළ බව පොලිසිය කියයි.
කොළඹ අපරාධ කොට්ඨාසය පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් කොලොන්නාව සිංහපුර ක්‍රීඩාංගනය ප්‍රදේශයේ මෙහෙයුම් රාජකාරි වල යෙදී සිටියදී පුද්ගලයකු අත තිබූ යමක් විසි කරන අයුරු පොලිස් නිලධාරීන් දැක ඇත.
එම සැකකටයුතු පුද්ගලයා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට උත්සාහ කිරීමේදී ඥාතීන් සහ ගම්වාසීන් පොලිස් ජීප් රථය වටකර සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මුදා ගැනීම සඳහා උත්සහ කිරීමේදී අහසට වෙඩි තබා පිරිස විසුරුවා හැරීමට කටයුතු කළ බව පොලිසිය කියයි.
එම වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හෝ දේපළ වලට කිසිදු හානියක් වී නැත.අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක පුද්ගලයෙකි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාවට අහසට තිබ්බ වෙඩි මිනිසුන්ගේ ඔලු වලට වැදිලා නැහැ....
පොලීසියෙන් යමක් විසිකොට බලෙන් අයුතු ලෙස අත්අඩංගුවට ගත් බව පැවසෙන වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙනවා පෙනුණා. එය මේ හා සම්බන්ධ නම්, එහි නිවැරදි තත්වය සොයා බැලීමට උනන්දු වෙන ලෙස බලධාරීන් වෙත මතක්කොට සිටිමු.