(සුජිත් හේවාජුලිගේ)

ගල්අඟුරු ගෙන් වූ සමාගමට ගල් අඟුරු නැව් 25 ක් ගෙන්විම සඳහා අවසර ලබාදී ඇතැයි  සමගි ජන බලවේගයේ  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස් එස් මරික්කාර් මහතා පැවසීය

ඔහු මෙසේ පැවසුවේ  සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (22) පැවැති මාධ්‍ය හමුවේදීය

මරික්කාර්  මහතා මෙසේද පැවසීය

‘‘බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඉල්ලා අස්වුණාට පසු ගල් අඟුරු වංචාව යටගොස් ඇතැයි ජාතික ජනබලවේගයේ පිරිස විශ්වාස කරනවා. නමුත් එය එසේ සිදුවීමට සමගි ජනබලවේගය කිසිසේත් ඉඩ ලබාදෙන්නේ නැහැ.

කෙසේ නමුත් දැනට ගල් අඟුරු ගෙන් වූ සමාගමට ගල් අඟුරු නැව් 25 ක් ගෙන්විම සඳහා අවසර ලබාදී තිබෙනවා. හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට විරුද්ධව විශ්වාසභංගය ගෙන එන අවස්ථාවේදී ගල් අඟුරු නැව් 12 ක් පැමිණ තිබුණා. ඒ නැව් 12 සඳහා තවමත් ප්‍රමාද ගාස්තු අය කර ගැනීමට ආණ්ඩුව කිසිදු පියවරයක් ගෙන නැහැ. ඒ වගේම එම නැව් සියල්ලගේම ගල් අඟුරු ප්‍රමිතිය කිලෝ කැලර් 5900 ට වඩා අඩුයි. ඒ නිසා ගල් අඟුරු වංචාව යට ගහන්න බැහැ.