
(ෂේන් සෙනෙවිරත්න,සුජිත් හේවා ජූලිගේ)
මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් ඉටුකළ අති දක්ෂ සංගීතඥයෙක් වූ ආනන්ද පෙරේරා මහතා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
ඒ මහතා දීර්ඝ කාලයක් අසනීප තත්ත්වයෙන් පසුවිය .
ඒ මහතාගේ දේහය මංගලගම පාර මොළඳන්ඩ, කිරිබත්කුඹුර නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු සිදු කරන දිනය පසුව දැනුම් දීමට නියමිතය .
‘‘සිහශක්ති‘‘ සංගීත කණ්ඩායමේ නායකයා වූ ආනන්ද පෙරේරා මහතා මහනුවර ධර්මරාජ විදුහලේ ආදි සිසුවෙකු වන අතර ඔහු මෙරට බිහි වූ අති දක්ෂ සංගීතඥයකු වශයෙන් සැලකේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම දක්ෂ සංගීත සෙට් ශිල්පියෙක්.ඉස්සර සිහශක්ති කණ්ඩායම අදටත් මැවිල පේනවා.ලන්කාවේ සංගීතයට නොමැකෙන සේවයක් කල සංගීත ශිල්පියෙක්.ඔබට නිවන් සුවය ලැබේවා!
අති දක්ෂ සංගීත ශිල්පියෙක්. ඔබට නිවන් සුව සහෝදරයා.
ආනන්දගේ තාත්තා, එම්. ජී. පෙරේරා මහතා තමයි වික්ටර් රත්නායක ගේ සංගීත ගුරුතුමා. තරුණ ආනන්ද සුහද වගේම දරදඬු චරිතයක්. අපිට සංගීත වගේම සංග්‍රාම ජීවිතයකුත් තිබුනා. ඒ දවස්වල මුල්ගම්පොල එන්.ජී.පී. කලායතනයට අපි එකතු වුනේ පුදුම ලෙන්ගතු කමකින්. ආනන්ද ට ඕනෑම සංගීත භාණ්ඩය ක් වාදනය කිරීමට හැකියාව තිබුනා. වයස මුහුකුරා යත්ම අපි විසිර ගියා. මුන ගැහිලා හිනාවුණා, අතීතය මතක් කරලා. ආනන්ද ඔබට සුභ ගමන්!
මෙතූමගෙ නීර්මාන අපි හොදීන් රසවින්දා. එතූමාට නිවන්සූව ප්‍රාර්ථනා කරනවා..
ඉතා ලස්සන තනු නිර්මාණ කල සිංහල සංගීතයට අති මහත් සේවයක් කල සංගීත පඬි රුවනකි
අමා මහ නිවන් සම්පත්තිය ලැබේවායි පතමි...!
අපි පාසල් යන කාලයේ දුරකථන හරි විරලයි. ඉතින් අපේ හමුවීමේ මූලස්ථානය මහනුවර පොදු වෙලඳපොල (market) ඒ කාලයේ මෙතුමාත් මෙතුමාගේ සමකාලීන සිහශක්ති සගයෙකුත් සහෝදරයෙක්ද දන්නේ නැහැ. එයාලාත් හමුවෙන්නේ මාර්කට් එක ඉස්සරහ කට්ට කාලා ඉහළට ගිය කෙනෙක්... ඔබට නිවන් සුව පතමු...!
මහනුවර නගරයේ ඉන්න බොහොමයක් සංගීත සිසුන්ට ගුරුහරුකම් දීල, ලොකු සේවයක් කරපු කළා කරුවෙක්. නිවන් සුව පතමු…!