
(අංජුල මහික වීරරත්න)
වන විනාශය නතර කරන්නැයි රජයට බලකරමින් සමගි ජන ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පිවිසුම අසල දී අද විරෝධතාවයක නිරත වූහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මෙම විරෝධතාවය සඳහා සහභාගී වී සිටී.
රට පුරා මහා වන සංහාරයක් සිදු වන බවත් එය නතර කිරීම සඳහා ආණ්ඩුව වහාම මැදිහත් විය යුතු බවත් සමගි ජන බලවේගය මන්ත්‍රීවරු එහිදී එහිදී පැවසූහ .
"කියත් මඟෙන් වැනසෙන සිංහරාජය" "රට කාන්තාරයක් නොකරනු""ඩොසර් අපිට එපා" මාගේ විරෝධතාපුවරු විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මන්ත්‍රීවරු විරෝධතාවය දැක්වුහ.
(ඡායාරූප ශාන්ත රත්නායක)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රු වනය හෝ පරිසරය විනාශ කරත් අප නම් එයට තරයේ විරුද්ධ වන්නෝය. මේ විහිලුම විහිළු කාරණය නම් මේ බෝඩ් එල්ලගෙන ඉන්නේ "තමන්ගේ අනුභවය සඳහා වත් එකදු තණකොළ ගසක්වත්" නොකපපු සුපින්වතුන් පිරිසක් වීමයි. තවත් ලැජ්ජා නැතිව බෝඩ් එල්ලගෙන සිටින්නේ තමන්ගේ විලි වසාගැනුමට විය යුතුමයි. එහෙත් මේ කවුරුත් නොදන්නා කාරණය නම් තමන් නිරුවතින් සිටින බවය. තමන්ගේ වටේ සිටිය ආරක්ෂකයින් එක්ක යාල, විල්පත්තු කැලෑවන් කරපු සියල්ල මිනිසුන් නොදන්නවා කියලා නේද මේ අය හිතාගෙන සිටින්නේ...?
වඩාත් වටින්නේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඕක කළා නම්. අතීතය අමතක කරන ශුද්ධවන්තයින්...
ඔක්කෝටම කළින් මුඛ ආවරණයක් පැළඳගන්න.
චමල් රාජපක්ෂලේ වාරිකර්මාන්ත යෝජනාව මේ අය දැක්කද දන්නේ නැහැ. ඒක කැබිනට් අනුමැතියෙන් කරගන්න හැදුවොත් මොකක්ද මෙයාලගේ විසඳුම...?
මහවැලියට ගස් කෝටි ගණනක් කැපුවා. අලින්ට ඉන්න කොටසක් ඉතිරි කෙරුවේ නැහැ. අපිට ඕවා තාම මතකයි.
එදා කොටි සහමුලිනම නසන්න මූලික අඩිතාලම වැටුනේ අවහිර කල මහවිල් ආරු ජල සොරොව්ව අදාල කරගෙන. යහපාලනෙ ගොඩ දා ගත්තේ රතුපස්වල පානීය ජල අර්බුදයක් අටවලා. සංවේදි විය හැකි වන විනාශයක් ඇද ගැනීමත් හොඳ ඇඹුල් කට ගැස්මක් අපේ අයට කවා අායෙත් රට ආපස්සට හරවන්න යොදා ගන්න. බය වෙන්න දෙයක් නැහැ ආයෙත් හරි තමයි.
අම්මෝ තොත්ත බබාලා.. ගස් කපලා නැහැ. නිධන් හාරලා නැහැ. පව් අනේ...
ලංකාව කාන්තාරයක් වූවාට පසු තණකොල නැති වුවොත් හරක්ට පාර්ලිමේන්තුවට යන්න බැහැ... ඔටුවන් යවන්න වෙනවානේ... ඒකයි බය...
සංඛට කොහෙන් හිනාවෙන්නද දන්නේ නැහැ. ඔලුව හොඳට අතගාලා බලන්න.
අර හාදයා මුලතිව්වල අක්කර දහස් ගණනක් එලි කරනකොට මේ ගෝතයින් කොහේද සිටියේ? ඒ විතරක්ද ජන කොට්ඨාශයක් ප්‍රමිතියකින් තොරව පදිංචි කිරීමෙන් ප්‍රදේශවල ජන අනුපාතය වෙනස් කළා නේද?