
(නිමල කොඩිතුවක්කු)
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු වෙළෙඳපොළේ බඩුමිල ගැන සොයා බැලීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු නාරාහෙන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානය මධ්‍යස්ථානයේ අද (22) දින නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
ආර්ථික මධ්‍යස්ථානයේ සියලුම වෙළෙඳසල් වෙත ගොස් ඒවායේ පවතින මිල ගණන් පිළිබඳව පෞද්ගලිකවම සොයා බැලීමට මන්ත්‍රීවරු එහි දී කටයුතු කළහ.
සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා, හර්ෂණ රාජකරුණා, නලීන් බණ්ඩාර, එස්. එම් මරික්කාර්, ජේ සී අලවතුවල මුජුබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2015 න් පස්සේ ආණ්ඩුව මෙයාලගේ අතේ තියෙද්දී ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුන් කන් දුන්නේ නැහැ. දැන් විපක්‍ෂයේ ඉන්න කොට ඔන්න යනවා බඩු මිල ඇයි වැඩි කියලා සොයන්න. ඉන්නකන් සෑම භාණ්ඩයකටම බදු ගහලා මිල ඉහළ දැමුවා. පොඩි මිනිහට ගන්න තිබ්බ ත්‍රිවිල් එකේ පවා බද්ධ වැඩි කරලා වාහනයක් ගන්නම බැරි තත්වයකට උදා කළා. දැන් මෙයාලා ඒ දවස්වල රජය හොඳට කළා වගේ දැන් යනවා ආර්ථික මධ්‍යස්ථාන වලට බඩු වැඩි ඇයි කියලා බලන්න. නැවත නැවතත් මොවුන්ට රැවටෙන්න එපා.. මහජනතාව වන අපි මීට වැඩිය බුද්ධියෙන් කටයුතු කළ යුතුයි.
ඡන්දෙට කලිනුත් මේ වගේ රඟපෑවා. ඒකෙ ප්‍රතිඵලය 25%ට බැහැපු එක. ඒවා මතක තියෙනවා නම් මෙහෙම දේ කරන්නේ නැහැ. සජිත් රැස්වීම් තියලා දැන් ප්‍රශ්න කීයක් විසඳලා තියෙනවද?
විපක්ෂයේ ඉන්නකම් විතරයි ඕවා...!!!
ක්‍රෝටන් කොළ තිබෙනවද කියලා බලන්න වෙන්න ඇති...