
(නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක)
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිණී ඉමේෂා මුතුමාල මහත්මිය පත්කර ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මෙවැනි තනතුරක් සඳහා කාන්තා නිලධාරිණීයක් පත් කර ඇත්තේ ප‍්‍රථම වතාවට බව ද පොලිස් මූලස්ථානය පවසයි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය මත මෙම පත්වීම සිදුකර ඇති බව ද එම මූලස්ථානය සඳහන් කරයි.
ආධුනික සහකාර පොලිස් අධිකාරිවරියක ලෙස ඉකුත් 2007 වසරේ පොලිස් සේවයට බැඳී ඇති මුතුමාල මහත්මිය, වසර 14ක සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුගේගොඩ කොට්ඨාසය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් නිශ්කාශන වාර්ථා ඒකකයේ රාජකාරි සිදුකර තිබේ.
රුහුණු විශ්ව විදයාලයේ විද්‍යාවේදී උපාධිය, විවෘත විශ්ව විද්‍යාලයේ නිතීවේදී උපාධිය, ඇමරිකා එක්සත් ජනපදයේ හවායි පොලිස් අභ්‍යාස ආයතනයේ දී අර්බුද කළමණාකරණ පාඨමාලාව, තායිලන්තයේ බැංකොක් නුවර දී එෆ් බී අයි ආයතනය මගින් පවත්වන ලද මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පාඨමාලාව, ඉන්දියාවේ හයිද්‍රාබාද් පොලිස් ඇකඩමියේ අන්තර්ජාල අපරාධ සම්බන්ධ පාඨමාලාව යන පාඨමාලා හදාරා ඇති නිලධාරිණීයක වන බව ද පොලිස් මුලස්ථානය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාව සියුමැලි යැයි පැවසීම කලාවක් පමණි. ඇයගේ දිරිය නොවේ නම් ශ්‍රී ලංකාව මේ තරමටවත් නොතිබෙන්නට පිළිවනි. මක්නිසාදයත් බීමත්කම ඉතා ඉහළ රටක කාන්තාවන් එතෙර ගොස් හෝ දරුවන් පෝෂණය කිරීම කර ඇති බැවිණි. එබැවින් කාන්තාව යනු ධනාත්මක නොපසුබට වීර්යය ඇති අයෙකි.
උණුසුම් සුබ පැතුම්... දිනක මේ රටේ ප්‍රථම කාන්තා පොලිස්පතිනිය වීමට භාග්‍යය ලැබේවා!
මොන දක්ෂතාවය තිබුණත් නූගත් දේශපාලකයෝ ඉන්නකම් නීතිය ක්‍රියාත්මක කරනවා බොරු...
සුබ පැතුම් ... ඔබතුමිය වැනි උගත්, බුද්ධිමත් අය මේ පිරිහෙමින් පවතින පොලිස් සේවය වෙනුවෙන් අවශ්‍ය වෙයි. පොලිස් සේවය නිසි අයුරින් ගොඩනැගීමට ඔබගේ කැපවීම අප රටට ලැබේවා... !!!
සුබපැතුම්
මේ තනතුර පිට රටවල කාන්තාවන් හොඳට කරනවා. නිසැකවම අපේ රටේ දේශපාලකයන් මෙයාව නටවනවා... ඉදිරියේදී බලමු. කොහොම වුණත් විශ්‍රාම යනතුරු තානාන්තරේ වැඩ හොඳින් කරගෙන යන්න වාසනාව ලැබේවා...!!!
මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම හෙලා දකිමි. මන්දයත්, ඇයි මේ පුරුෂ සහ ගැහැණු සමේ සුමටත්වයේ ප්‍රභේදාත්මක විශ්ලේෂණයක්...? ඇයි පුරුෂයන්ගේ දෑත සුමට නොවේද? සුමටත්වයේ මිම්ම කුමක්ද? මගේ නම් දෑත මේ වෙනකොට හොඳටම සුමට වෙලා තියෙන්නේ...
ඔබතුමියට තෙරුවන් සරණයි..!!!
සුබපැතුම්..!!!
කවරු පෙත්සම් ගහයිද දන්නැ
සියුමැලි වෙන්න බෑ. වෙන්න ඕනෙත් නැහැ. හෙන්චයියන්ට ඕන විදිහට නැටවෙන්නේ නැතුව රස්සාව කළා නම් හරි. ජයවේවා!
ඔයගොල්ලෝ සාහිත්‍ය සයිට් එකක්ද? නිවුස් සයිට් එකක්ද කරන්නේ?
සමහර ගැහැණුන්ට ලොකුපුටු හම්බ වුණාම දෙයියන් වහන්සේලා වගේ පුදුම සැරක්... තියෙන්නේ..!!!
සියුමැලි දෑත්...
ඔබ දේශපාලන හස්තයට හසු නොවේවා... සුදුසුකම්, හැකියාව, අධ්‍යාපනය, කැපවීම, ධෛර්යය, තව තවත් පුහුණු සහ අවංක කම් තුළින් රටට හොඳින් සේවය කිරීමට හැකි වේවා! ආදර්ශයක් වීමට හැකිවේවා!