
(විමුක්ති එස් රුද්‍රිගු)
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ප්‍රථම වතාවට බිලියනපතියන්ගේ ලැයිස්තුවට එකතු වී ඇත.
හුරුන් ඉන්දියා නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ෂාරුක් ඛාන්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 42,316 ක් පමණ වේ)
පසුගිය වසරේදී ෂාරුක් ඛාන්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 800 ක් වූ අතර ශ්‍රේණිගත කිරීමට අනුව මෙම වසරේ ෂාරුක් ඛාන් සැලකිය යුතු ප්‍රමාණයකි සිය වත්කම ඉහළ නංවා ගෙන ඇත. හුරුන් ඉන්දියා නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ෂාරුක් ඛාන් ඉන්දියාවේ ධනවත්ම නළුවා බවට පත්ව ඇති අතර ඩොලර් බිලියන 1.4 ක් වත්කම සමග ඇතැම් වාර්තා වලට අනුව ඔහු ලොව ධනවත්ම නළුවා ලෙස කිරුළ හිමිකරගෙන තිබේ.
ෂාරුක්ගේ වත්කමෙන් වැඩි ප්‍රමාණය ඔහු උපයා ඇත්තේ ඔහුගේ බිරිඳ හිමිකාරිත්වය දරණ චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් වන රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් ආයතනය හරහාය. එසේම කල්කටා නයිට් රයිඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ සම හිමිකාරිත්වයද දරයි.
හුරුන් ඉන්දියා ශ්‍රේණිගත කිරීම මෙවර නිකුත් කර ඇත්තේ 13 වැනි වතාවට වන අතර ශ්‍රේණිගත කිරීමට ඉන්දියාව තුළ ඉහළ පිළිගැනීමක් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ලා ජේ ආර්ලා පේමදාසා ලා කොච්චර නිහතමානීද කිව්වොත් ලංකාව ඇර හතරවටේ අනිත් ඔක්කොම රටවල් දියනු කළා.. අපිට යුද්දෙකුයි භීෂණයකුයි ආර්තික අහේනියකුයි දීලා.. මොවුන්ට කොහොම වදින්නද කියලා කල්පනා කරන්නේ මේ...