
(අංජුල මහික වීරරත්න සහ ටී.කේ.ජි කපිල)
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සෘජු ගුවන් සේවා ආරම්භ කර තිබේ.
වියට්නාමයේ හෝ චී මින් (Ho Chi Minh) නගරයේ සිට Vietjet ගුවන් සේවයේ පළමු සෘජු ගුවන් ගමන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියේය.
එයාර් බස් 320 ගුවන් යානයෙන් මගීන් 169 දෙනකු පැමිණි අතර, ගුවන් යානයේ කොළඹ සිට Ho Chi Minh ආපසු ගමනට මගීහු 171 දෙනෙක් ඇතුළත් වූහ.
මෙම ගුවන් ගමනට එක් වූ ගුවන් මගීන් ඇතුළු කාර්ය මණ්ඩලය පිළිගැනීමට වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යය අනුර කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, සංචාරක නියෝජ්‍ය අමාත්‍යය මහාචාර්ය රුවන් රණසිංහ, අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්.මංගල මහත්වරු ද, ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපතිනී ට්‍රින් තී ටම් මහත්මිය ද සහභාගී වූහ.
සතියේ සෑම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන තෙදින කොළඹ හා Ho Chi Minh නගර අතර ගුවන් ගමන් ක්‍රියාත්මක වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd