
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය යළි කල්දැමීමට සිදුවන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය.
එම විභාග යම් කාලයකට කල් දමා විෂය ආවරණයට හා විභාගයට සූදානම්වීමට දරුවන්ට කාලය ලබා දීම අවශ්‍ය බවත් අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සාකච්ඡා කර ඒ පිළිබඳව නුදුරේදීම ප්‍රකාශයක් නිකුත් කෙරෙනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
කොවිඩ් වසංගතය නිසා පාසල් වසාදැමීම සහ ගුරුවරුන්ගේ වැඩ වර්ජනය අදාළ විභාග කල්දැමීමට හේතුවූ ප්‍රධාන සාධක අතර වන බවද ප්‍රේමජයන්ත මහතා කීවේය.
ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස ගත්ත දවසේ සිට අපි ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් යැයි ලිව්වෙමු. මෙවැනි වැඩ පරක්කු ආරච්චිලා නිසා එයම තවත් අවුරුදු සියයක් වත් ලිවිය හැකිය
කල් නොයවා ඔක්තෝබර් 15 ළමයින් 200 ට අඩු පාසල් ආරම්භ කිරීමට කලින් ගත තීරණය ඉතා හොදයි. නමුත් එකටත් බාලගිරි දෝෂය ද? දිනය 21 දක්වා කල් තැබීම සිදුනොවිය යුත්තකි. මෙම කටයුත්ත ප්‍රමුඛතා ලේඛනයේ ඉදිරියෙන් තිබුනේ නම්, ඒ සඳහා සුදානම් වීමට දින 15ක් ඉහටත් උඩින් සෑහේ. ඉක්මන් නිවැරදි තීරණ ගන්න, අහිංසක දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනය වැටෙන්නට ඉඩ නොදෙන්න. මෙම ගණයට වැටෙන පාසැල්වල දරුවන් බොහෝ විට මාර්ගගත අධ්‍යාපනය ක්‍රමවත්ව නොලැබූ කොටසයි. 2020 අපොස සාපෙ ප්‍රතිපල අනුව මෙම ගණයට වැටෙන පාසැල්වල දරුවන්ගේ ප්‍රතිපල අතිශය දුර්වල මට්ටමක පවතින අතර. උසස්පෙළට සුදුසුකම් ලැබීමේ ප්‍රතිශතය බින්දුව හෝ ඊට අසන්න අගයක ඇත. දැන් තත්වය ඊටත් වඩා බැරෑරුම් තැනක ඇති. දරුවන් ඇගයීමට ලක්කර ගැටළු හදුනාගෙන විසදුම් ක්‍රියාත්මක කරන්න. කලබලයේ විෂය නිර්දේශ ආවරණයේ කිසිදු පලක් නැත. මෙම පාසල්වල අධ්‍යාපන පසුබෑම දිස්ත්‍රිකයේ පහසුකම් සහිත පාසල්වල උසස් ප්‍රතිපල වලින් වැසී ඇත. රජය පිරිවැය යොදා නඩත්තු කරන මෙම පාසල්වලින්ද අපේක්ෂිත ප්‍රතිපල ළගාකර දීම ගුරු, විදුහල්පති, කොට්ටාශ, කලාප, පළාත්, අමාත්‍යංශ නිලධාරීන්ගේ වගකීමකි.
බාර් ඕපන් කළා... පාසල් වහලා.. ජයවේවා...!!!