
(රෝෂන් තුෂාර)
කිරිඉබ්බන්වැව පිහිටි මහවැලි අධිකාරියට අයත් ඉඩමක ඉදිකළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන කාර්යාලය අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කිරීමෙන් සිදුවූ හානියට රුපියල් 8850000.00ක වන්දි මුදලක් රජයේ නිලධාරීන්ට බලපෑම් කර ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කරන ලදැයි කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 12 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඊයේ(29) නියෝග කළේය.
අල්ලස් කොමිෂමේ ඉල්ලීම පරිදි සැකකරුව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත නොකරන බව දන්වා සිටී මහේස්ත්‍රාත්වරයා ලබන දොළොස්වැනි දින සාක්ෂි සම්පීඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.
සෙවනගල, කිරිඉබ්බන් වැව,සමගි පුර පිහිටි මහවැලි අධිකාරියට අයත් ඉඩමක අනවරසරයෙන් ඉදිකර ඇති දේශපාලන කාර්යාලය ඇතුළු දේපොළ කිහිපයක් 2022.05.09 වන දින පැවති ජනතා අරගලයේ දී හානියට පත් කිරීමෙන් අනතුරුව එම දේපළ රජයේ බව දැන දැනම වෙනත් පුද්ගලයෙකු යොදවා වන්දි මුදල් ලබා ගැනීම ඇතුළු පොදු දේපළ පණතේ චෝදනා යටතේ ගැනෙන වැරැදි සිදු කර ඇති බවට ඇති බවට සඳහන් කරමින් අල්ලස් කොමිසම මගින් සිදු කරන විමර්ශනයන්ට අදාළව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
2025 නොවැම්බර් මස 04
95
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්
පිටිගල මිලානෝ Friday, 29 August 2025 03:45 PM
එතනෝල් හාමිනේ නමින් ප්‍රකට දැනට ඕස්ට්‍රේලියාවට පලාගොස් සිටින මොහුගේ බිරිද මාතලේ වසන්ත ලක්ෂ්මන් සමඟ හරි හරියට එතනෝල් ගෙන්නුවා අරක්කු පෙරන්න ඒ දවස්වල. මේ ගැනත් සොයන්න. මේවායේ බොහෝ දූෂණ තිබෙනවා.
ගමේ එකාලා Friday, 29 August 2025 05:11 PM
තමුන්ගේ ළගම නෑයෙක් හිරේ ඉන්නවා. නිකමටවත් ඔවුන් එකෙක් වත් බලන්ඩ ආවාද? හොර පෙරකදෝරුවා නම් රනිල්ව රකින්න පොර ටෝක් දෙනවා...