
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් කෝටි තිස් හත්දහස් දෙසීයකට වැඩි පාඩුවක් මේ දක්වා ලබා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණය වී ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට ඊයේ (6) කැඳවා තිබු අතර මේ තොරතුරු අනාවරණයවී ඇත්තේ එම රැස්වීමේදීය .
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (6) රැස්විය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2020/2021වර්ෂයේ බදුවලට පසු මුළු අලාභය රුපියල් කෝටි 45ක් බවත් එහි මෙහෙයුම් අලාභයද වැඩි වී තිබෙන බවත් චරිත හේරත් මහතා එහිදී පැවැසීය .
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා එම ආයතනයට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී දීර්ඝව අදහස් පළ කළේය .
ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ ඉහළ කළමනාකාරිත්වයේ නිලධාරියෙකු රුපියල් ලක්ෂ තිහකට වැඩි මාසික වැටුපක් ද ගුවන් නියමුවන් අසූ දෙදෙනකු රුපියල් ලක්ෂ විස්සකට වැඩි මාසික වැටුප බැගින්ද තවත් ගුවන් නියමුවන් එකසිය හතළිස් දෙදෙනකු, ගුවන් යානා ඉංජිනේරුවරුන් දොළොස් දෙනෙකු, ඉංජිනේරු අංශයේ කළමනාකාරවරුන් නව දෙනෙකු සහ ඉහළ කළමනාකාරිත්වයේ නිලධාරීන් තිදෙනකු රුපියල් ලක්ෂ දහයත් ලක්ෂ විස්සත් අතර මාසික වැටුපක් ලබන බවද කෝප් කමිටුවදී තොරතුරු හෙළි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මගුල වහලා දමන්න.
ගුවන් නියමුවන් 220 ක්
එමිරේට්ස් කරද්දි හොදට ලාබ ලැබුවනේ
අපේ කියල තියෙන එකම ගුවන් සේවය. කීය ගියත් පිටරටක ඉඳන් අපි එන්නෙ අපේ ගුවන් යානයක. ඒත් මේ තරම් පාඩු වෙන්නෙ කොහොමද ? පිදුරුතලාගල වගේ පඩි අරන් නිකම් ඉන්න අය උස උස පුටුවල ඇති. අවශ්‍ය තරමට වඩා සේවකයන් ඇති. පුලුවන් එකා හොරකම් කරනව ඇති. ඉතින් ගොඩ එයිද ?
Srilankan ගුවන් සමාගම Emirates මගින් පාලනය කළ සමයේ ලාභ ලැබූ ආයතනයක් නේද ?
බෝට්ටුවෙන් යමු ඔස්ට්‍රේලියා, අපි ටිකට්වලට සල්ලි දීලයි ගියෙ
තමුන්ට ඕනෑ විදියට ගුවන්යානා දුන්නේ නෑ කියලා අපේ ගුවන් සේවයේ කලමනාකරණය එමිරේට් එකෙන් අරගෙන විනාශ කළ මහින්ද රාජපක්ෂට හෙන ගහන්න ඕනෑ...