කෙටිකාලීන දේශපාලන අවිනිශ්චිත තත්ත්ව පදනම් කරගනිමින් ශ්‍රේණිගත කිරීම් පහළ දැමීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ඉක්මන් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.
“ශ්‍රේණිගත කිරීමේ ආයතන ඉක්මන් වී තිබෙනවා. කෙටිකාලීන දේශපාලන අවිනිශ්චිත පදනම් කරගනිමින් ශ්‍රේණිගත කිරීමේ ආයතන එම තීරණ ගෙන තිබෙනවා. එවැනි අවිනිශ්චිත තත්ත්ව පවතින්නේ සති කිහිපයක් පමණක්” යැයි වීරසිංහ මහතා කීය.
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘ෆිච් රේටින්ස්’ ආයතනය ද ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන විදේශ විනිමය ණය නිකුත් කිරීම ‘බී ප්ලස් (බී+) සිට බී’ දක්වා පහළ දැමීමට පියවර ගෙන තිබේ.
මීට පෙර පසුගිය මාසයේදී මූඩීස් ආයතනය ද මූඩීස් ආයතනය ද ශ්‍රී ලංකා රජයේ විදේශ විනිමය ණය නිකුත් කිරීම සහ ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ණය ශ්‍රේණිගත කිරීම් බී1 (ඍණ) සිට බී2 (ස්ථාවර) මට්ටම් දක්වා පහත දැමීය.
රොයිටර් (055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන්වුනා වැඩියි නොවයි මහත්තයෝ...මේ රටේම ඉන්න සමහර කුහක දේශපාලුවෝ ඒ ආයතනය ලවා ශ්‍රේණිගතකිරීම ඉක්මන්කලා...පටු දේශපාලනික වාසි ලබාගන්න...හෙවත් රටවසියාව මුලා කරන්න.
ඇත්තටම ඉක්මන් වුයේ කවුද කියල දැන දැන මොනවද මේ කතා.