IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ශ්‍රේණිගත කිරීමේ ආයතන ඉක්මන් වුණා වැඩියි

කෙටිකාලීන දේශපාලන අවිනිශ්චිත තත්ත්ව පදනම් කරගනිමින් ශ්‍රේණිගත කිරීම් පහළ දැමීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ඉක්මන් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය. 
 
“ශ්‍රේණිගත කිරීමේ ආයතන ඉක්මන් වී තිබෙනවා. කෙටිකාලීන දේශපාලන අවිනිශ්චිත පදනම් කරගනිමින් ශ්‍රේණිගත කිරීමේ ආයතන එම තීරණ ගෙන තිබෙනවා. එවැනි අවිනිශ්චිත තත්ත්ව පවතින්නේ සති කිහිපයක් පමණක්” යැයි වීරසිංහ මහතා කීය. 
 
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘ෆිච් රේටින්ස්’ ආයතනය ද ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන විදේශ විනිමය ණය නිකුත් කිරීම ‘බී ප්ලස් (බී+) සිට බී’ දක්වා පහළ දැමීමට පියවර ගෙන තිබේ. 
 
මීට පෙර පසුගිය මාසයේදී මූඩීස් ආයතනය ද  මූඩීස් ආයතනය ද ශ්‍රී ලංකා රජයේ විදේශ විනිමය ණය නිකුත් කිරීම සහ ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ණය ශ්‍රේණිගත කිරීම් බී1 (ඍණ) සිට බී2 (ස්ථාවර) මට්ටම් දක්වා පහත දැමීය.
 
රොයිටර් (055)



අදහස් (2)

ශ්‍රේණිගත කිරීමේ ආයතන ඉක්මන් වුණා වැඩියි

විජිත් Tuesday, 04 December 2018 03:17 PM

ඉක්මන්වුනා වැඩියි නොවයි මහත්තයෝ...මේ රටේම ඉන්න සමහර කුහක දේශපාලුවෝ ඒ ආයතනය ලවා ශ්‍රේණිගතකිරීම ඉක්මන්කලා...පටු දේශපාලනික වාසි ලබාගන්න...හෙවත් රටවසියාව මුලා කරන්න.

:       25       92

pj Tuesday, 04 December 2018 11:27 PM

ඇත්තටම ඉක්මන් වුයේ කවුද කියල දැන දැන මොනවද මේ කතා.

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 33 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 733 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site