(තිළිණි ද සිල්වා සහ හර්ෂණ තුෂාර සිල්වා)
ජීනිවා මානව හිමිකම් කවුන්සිලියේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් හයක් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 11 කින් ඊයේ (23) සම්මත විය.
යෝජනාවට පක්ෂව රටවල් 22 ඡන්දය දුන් අතර රටවල් 11ක් යෝජනායට විරුද්ධව ඡන්දය දුන්නේය. රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
යෝජනාවට පක්ෂව (ශ්‍රී ලංකාවට විරුද්ධව) ආර්ජන්ටිනාව, ආර්මේනියාව, ඔස්ට්‍රියාව, බහමාස්, බ්‍රසීලය, බල්ගේරියාව, අයිවරි කෝස්ට්, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆීජි දූපත්, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, මලාවි, මාෂල් දූපත්, මෙක්සිකෝව, නෙදර්ලන්තය, පෝලන්තය, දකුණු කොරියාව, යුක්රේනය, බ්‍රිතාන්‍යය සහ උරුගුවේ යන රටවල් 22 ඡන්දය දුන්නේය.
බංග්ලාදේශය, බොලිවියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පාකිස්තානය, පිලිපීනය, රුසියාව, සෝමාලියාව, උස්බෙකිස්ථානය සහ වෙනිසියුලාව යන රටවල් 11 යෝජනාවට විරුද්ධව (ශ්‍රී ලංකාවට පක්ෂව) ඡන්දය දුන්නේය.
බහරේනය, බුර්කිනා ෆාසෝ, කැමරූන්, ගැබෝන්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, ලිබියාව, මොරිටානියාව, නැමීබියාව, නේපාලය, සෙනගල්, සූඩාන් සහ ටොගෝ රටවල් 14 ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගකීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය මැයෙන් මෙම යෝජනාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ලැබුවේ බ්‍රිතාන්‍යය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිසෝනියාව මොන්ටිනිග්‍රෝ සහ මලාවි රාජ්‍ය විසිනි.
( තිළිණි ද සිල්වා )
බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් හයක් ඒකාබද්ධව ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව රටවල් 22ක් විපක්ෂව තවත් රටවල් 11ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි ජීනිවා තනාපති ආරංචි මාර්ග කියයි.
( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් 6ක් ඒකාබද්ධව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධව රටවල් 14ක් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියේය.
ඉවත දමන්නැයි චීනය , රැසියාව , වෙනිසියුලාව ,පකිස්තානය , කියුබාව එම කවුන්සිලයට දන්වයි.
ජපානය ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියේය.
අදාළ යෝජනාව පිළිබඳ කවුන්සිලයේ සාමාජික රටවල කරුණු දැක්වීම තවදුරටත් සිදු කෙරේ. ඉතා ඉක්මණින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාස්තාව සංශෝධනය කිරිම ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව ඉන්දිය රජයේ නියෝජිතයා කවුන්සිලය හමුවේ කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් කෙස් පැලෙන තර්ක ගෙනැල්ලා පෙන්නයි අපි දිනුවා කියලා... කට්ටිය පාරවල් වල කිරිබත් උයලා හොඳට කාලා බීලා පස්ස පැත්තේ අතපිහගෙන වැනි වැනී ගෙදර යයි. ඊට පස්සේ රටට අබ සරණයි.
ඉන්දියාවේ සහයෝගය ලැබුණද? අයියෝ
එහෙනම් අපිට හරි
ඔන්න රිසාල්ට් ඇවිත්
අපි කාටද බය. සෝමාලියාවත් අපේ පැත්තේ. ශ්‍රී ලන්කන් ගුවන්යානාත් දැන් නිකන් තියෙන එකේ අගමැතිතුමා වහාම සංචාරයකට යන්න වටිනවා.
රජය යථාර්ථයට මුහුණ දිය යුතුයි. මෙහෙ බොරු රඟපෑම් කරලා වැඩක් නැහැ. මේකේ හොඳපැත්ත තමයි මේ කට්ටියට යම්තාක් ප්‍රජාතන්ත්‍රවාදීව ඉන්න හිතනවා.. දිනුවා නම් ඒක පවුලේ ජයග්‍රහණයක් ලෙස හිතලා පරණ සෙල්ලම් කරනවා..
ජාතිවාදය අවුස්ස අවුස්සා නටපු නරි මෝඩයින්ට දැන් ඉතින් සතුටු ඇති.
මේ වැඩේ හිතන තරම් ගුණදායක නැත. "ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් 14 සහ යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් රටවල් 11 එකතුව අපේ පැත්තට රටවල් 25 ක් තියෙනවා. එ් නිසා අපි තමා දිනුම්" කියලා දැන් කයිවාරු ගහයි ඔන්න... ඒ වුණාට මේ යෝජනාවේ වැදගත්ම කොටස ලෙසට මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයට පැවරෙන “ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධ සාක්ෂි වගවීම ඉදිරියට ගෙන යෑමේ අරමුණින් සංරක්ෂණය හා විශ්ලේෂණය කිරීමේ වැදගත්කම හඳුනාගත යුතු අතර, මහ කොමසාරිස් කාර්යාලයේ තොරතුරු එකතු කිරීමේ හැකියාව, තොරතුරු සහ සාක්ෂි ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය කිරීම සහ ආරක්ෂා කිරීම ශක්තිමත් කිරීමට" ගන්නා ලද තීරණය බවයි සමහරු කියන්නේ. ඒ අනුව " මහ කොමසාරිස්වරියගේ කාර්යාලයෙහි නීතිවේදීන්ද ඇතුළත් විශේෂ ඒකකයක් ස්ථාපිත කරන අතර ඒ සඳහා ඉදිරි මාස 22 වෙනුවෙන් ඩොලර් මිලියන 2.8ක වැය ශීර්ෂයක් ලැබූ බවත් කවර රටකදී හෝ ශ්‍රී ලංකාවේ යුද අපරාධ හෝ බරපතල මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් කවරකුට හෝ නඩු පැවරීමට අවශ්‍ය තොරතුරු මෙම ඒකකය මගින් ලබා දෙන බවත්" තතු දන්නා අය අනතුරු අඟවා ඇත...
ධනාත්මක චින්තනය ගැන පොත් කියෙව්වාට නිවුස් එකකට පාවිච්චි කරන්න ඉගෙන ගත්තේ අද තමයි. අතිවිශිෂ්ඨයි සෑර්...
ඔය පරණ මානව හිමිකම් කතා නෙමේ, අදත් ශ්‍රී ලංකා රජය මේ රටේ ජනතාවගේ මානව හිමිකම් කඩ කරනවා. තමන්ගේම රටේ ජනතාව පිටරටවල අතරමන් කරලා ඔවුන්ට තමන්ගේම රටට එන්න බැහැ. ආවොත්, වත්මන් පාලකයින්ට සම්බන්ධ හොර තක්කඩි කල්ලියක් විසින්. හම්බ කරපු සේසතම සූරාගෙන කනවා. ආයේ මීටත් වඩා මොන මානව හිමිකම් උල්ලංඝනයක් ලෝකයේ කොහෙද තියෙන්නේ...? හරි නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ යුත්තේ, ඔවුන්ගේ භට හමුදාවන් මේ රටට බස්සවා මේ රටේ ජනතාව මේ හොර නඩයෙන් බේරා ගැනීමයි. තවදුරටත් මේ රට ජාතියක් නියෝජනය කරන රටක් නොවේ.. රටේ ජීවත් වෙන සියලුම ජාතීන් මේ හොර තක්කඩි මාෆියා කල්ලියේ ගොදුරක් පමණයි...
මොහොමඩ්ලාගේ ඡන්ද ලැබුණා. ලොකු අයියා (ඉන්දියාව) හැංගුණා.
මෙය මහජනතාව ලෙස අප වෙනුවෙන් ගත් සාධනීය පියවරක් වන අතර කුමන අන්දමේ එකාධිපතියෙකුට හෝ අපරාධ කරුවන්ට සහ මිලිටරි අත්තනෝමතික භාවයට එරෙහිව ගත් හොඳ පියවරකි. මින්පසු රාජපක්ෂ නඩයට සෙල්ලම් දැමීමට පෙර දෙවරක් සිතීමට සිදුවනු ඇත.
අපේ ආණ්ඩුවට 2/3ක බලයක් තියෙනවා. 69 ලක්ෂයක් ජනතාව අපේ ආණ්ඩුවත එක්ක ඉන්නවා. අපේ හමුදාවල් 30 අවුරුදු යුද්ධයක් දිනුවා. ලෝකේ දරුනුම ත්‍රස්තවාදී සංවිධානයක් එක්ක. ඔය කෙහෙල්මල් කවුන්සලේ අපිට මොනවා කරන්න ඇද්ද ඔය රටවල් එක්ක?
ඔන්න අපේ සර් ජාත්‍යන්තරයෙනුත් ෆේල් වුණා. අපේ වැඩ අලකරන, වනාන්තර වනසන, ආර්ථීකය කාබාසිනියා කළ සර් එලවා දමමු...
යුද්දේ දිනන්නේ නැතිව හිටියානම් යුද ජයග්‍රහණයට ඉස්සෙල්ලා අඳ, ගොලු, බිහිරි වගේ හිටපු මානව හිමිකම් කොමිසම අදටත් ඒ වගේ ඉන්නවා. කොටි බෝම්බයකින් 100ක් 200ක් මළත් කණගාටුව සහ හෙළාදකිනවා විතරයි.
පක්ෂව 22යි, විපක්ෂව 14යි. යෝජනාව සම්මතයි, ගැටළුවක් නැහැ. දැන් තියෙන්නේ සාමාන්‍ය පරිදි අපි අපේ වැඩ කටයුතු කරගෙන යාමයි. මේ ගැන බොරුවට විවාද කරගන්න ඕන නැහැ. නිකරුණේ කාලය කා දැමීමක්. මීළඟ මානව හිමිකම් සමුළුවේදීත් නැවත මේ වගේම ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත වෙනවා. මංගල න්‍යායට අපිත් මේ යෝජනාවට නිවට සම අනුග්‍රහකත්වය දැක්වුවා නම් ඔන්න යෝජනාව ඉල්ලා අස්කර ගනීවි.
මේ අදහස් දක්වන ඔක්කොම මෝඩ හරක් තමයි... ඔහේ කියවනවා.
මෙවර යෝජනාවලිය සකසා තිබෙන්නේ යුද්ධය පමණක්ම සලකා නොවෙයි. සිරගෙදර ඝාතන, මාධ්‍යවේදීන් ඝාතන සහ පහරදීම්, 20 වෙනි සංශෝධනයේ ඇතුළත් කාරණා සියල්ල සලකායි.
අර බොරළුගොඩයා කියනවා ඡන්දෙ නොදීපු අය අපේ පැත්තේ නිසා අපි දිනුම් කියලා. එම තියරියට අනුව පසුගිය ජනාධිපතිවරණයේ පැරදුණු සජිත්ට ඡන්දෙ නොදීපු අයගේ ඡන්ද ටික එකතු කරලා සජිත් ජනාධිපති කරන්න බැරිද?
කැලෑ කපනවෝ., සිංහරාජෙ වනසනෝ, මලමිනි පුච්චනෝ, මාධ්‍යවේදීන් උස්සනෝ, සුලුජාතීන් යකඩ සපත්තුවෙන් පාගනෝ. මේ සියලූම කතා දැල්ල නිවීගියා සේ නිවීයාමට නියමිතයි.
උතුරට පළාත් සභා නෙමෙයි. වෙනම රාජ්‍යයක් දෙන්න ආයුධත් එක්කලා. එදාට පෙනෙයි ඒ රාජ්‍යය ගහලා අත්පත් කරගන්නේ කවුද කියලා..
ඡන්දෙට ඕක මාකට් කරා.. දැන් ඇති... අද මිනිස්සුන්ට බඩුමිල දරාගන්න බැහැ. ඒකට විසඳුමක් දීලා ඉන්න.