(චමිල් රූපසිංහ)
ශ්‍රී ලාංකික මහා සංස්කෘතියේ වටිනාකම තේරුම්ගෙන ලංකාව සිංහල බෞද්ධ රටක් යැයි අතිඋතුම් රදගුරු හිමිපාණන් පවා පවසා සිටියදී මෙය සිංහල බෞද්ධයාගේ රටක් නොවේය යනුවෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරි විමල නායක හිමියෝ පවසති.
වෙහෙරවිහාර විනාශ කරමින් සතුරු ආක්‍රමණ පැමිණෙන විට රට ආරක්ෂා කරගැනීම සඳහා එදා දකුණේ සිංහල බෞද්ධ නායකයන් ඉදිරිපත් වුණත් අද දකුණේ නායකයන් නිහඬව බලාසිටිනු දැකීමත්, සිංහල බෞද්ධයෙකු යැයි කියාගන්නා අයෙකු මේ ආකාරයෙන් ප්‍රකාශ කිරීමත් වේදනා ගෙනදෙන්නක් යැයි නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ සඳහන් කරති.
රටට පාලකයකු පත්කර ගැනීමේදී දරු සුරතල් විඳිය හැකි මානව ප්‍රේමයෙන් යුත් අයෙක් පත් කර ගත යුතු බවත්, එමෙන්ම රටට එල්ල වන අභියෝග හමුවේ කොන්ද කෙළින් පිරිමියකු මෙන් ක්‍රියාකළ හැකි නායකයන් පත් කරගැනීම ඉතා වැදගත් බවත් උන්වහන්සේ සිය නිවේදනයේ තවදුරටත් සඳහන් කරයි.
එම නිවේදනය පහත දැක්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංගල සමරවීර කරපු ප්‍රකාශයෙන් කොටසක් අල්ලාගෙන තමයි මේ අය කතා කරන්නේ. ඔහුගේ මුළු කතාවේ තියෙන්නේ වෙනින් දෙයක්. ඒ කොහොම උනත් මංගල වගේ මාධ්‍ය හැසිරෙන විදිය හොදින් දන්නා කෙනෙක් පරිස්සමෙන් කතා කරන්න ඕනි මේ මොහොතේ. මොකද ඔවැනි ප්‍රකාශ නිසා වෙන්නේ තවත් සිංහල ජනතාව කුපිත වෙන එක. අර අමීන් කියන කෙනාගේ කතාව විකෘති කරලා ඇතැම් මාධ්‍ය දාපු විදිය දැක්කනේ. ඊයේ හලාවත සිදුවීමත් මේ වගේ වැරදියට තේරුම් ගැනීම නිසා වුන දෙයක්. ඒ නිසා එවැනි කතා නොකර ඉන්න එක තමයි පක්ෂයට,ඔහුට වගේම රටටත් යහපත් වෙන්නේ.
කණගාටු දායකයි.
නියම වචන ටික අපේ හාමුදුරුවනේ. අපි නායකත්වයට පත්කර ගත යුතු වන්නේ දරුවෙක් හදා ගන්න පුළුවන් පිරිමියෙක් කියලනේ කියන්නේ. දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක්ට ඊට වඩා පුදුම කැක්කුමක් ඇතිවෙනවා නිසැකයෙන්ම. අනික අපේ හාමුදුරුවනේ මේ කියන හැඟීම ඇතිවෙන්න උප්පත්තියේ වටපිටාවත් බලපානවා නේද?
බෞද්ධයින්ගේ රටක් නම් මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ ඇයි අපේ හාමුදුරුවනේ..?
මෙවැනි ප්‍රකාශ කරන නීච අැමැතියා කැබිනට්ටුවෙන් සහ මන්ත්‍රීකමෙන් නෙරපා දැමිය යුතුය. මා හට දැනුම් තේරුම් වයසේ සිට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකි. මෙවැනි තම රට ගැන කැක්කුමක් නැති අය පක්ෂය තුළ තබා ගැනීමෙන් නායකයන් කියාගන්නා අයගේ රට ගැන තිබෙන කැක්කුම මොනවට පැහැදිලි වෙයි. අවසානයට මට කිව හැක්කේ රනිල් වික්‍රමසිංහට වඩා මා එක්සත් ජාතික පාක්ෂිකයෙකු බවයි.
එහෙමයි අපේ හාමුදුරුවනේ. එවෙනි ප්‍රකාශ වලින් වෙන්නේ අන්තවාදීන් අයුතු ප්‍රයෝජන ගන්න උත්සහ කරන එක.
මංගල මා දන්නා කාලයේ ඉදන්ම සිංහල බෞද්ධ විරෝධී ලෙසයි කටයුතු කරන්නේ.
දේශපාලන පක්ෂ නායකයින් කිසිම වගකීමක් නැතිව කතා කරන්නේ. මිනිස් ජීවිතවලට වඩා එයාලට තනතුරු සහ ලැබෙන ලාභ ප්රයෝජනවලට පමණක් වැඩ කරනවා. මිනිසුන්ගේ ඡන්දයෙන් බලයට පැමිණ ඔවුන් සැප විඳිනවා.
දෙවියන්ගේ නාමෙන් අපේ සිංහලයෝ එකතු වෙමු දැන්වත්... අපිත් දකුණේ.. ඒත් මේ කාලකන්නි නායකයෝ දෙන්නා මොනම පසු නායකයෙක්ටවත් බිහි වෙන්න නොදී පිපුණු හැම අලුත් මලක්ම විනාශ කලේ සදාකල් ඔවුන්ම නායකයෝ වෙන්න. ජනහිතකාමී නායකයන් අලුතින්ම උපද්දවන්න වෙලා දැන්. මේ 225 හරියටම අග මුල නැති වැල් වගේ වෙලා තරුණ අලුත් නායකයන් විනාශ කරනවා. පක්ෂ දෙකේම ඉන්න. අවසානයේ 2/3 බලය නැතිව හොරුන්ට බලය දීලා ළඟට ගන්නවා.
ඔහු කීවේ මේක ශ්‍රී ලාංකිකයන්ගේ රට කියන එක. එතැනදී බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු ආදීන් හැමදෙනාම අයිතියි කියන එක... දෙයක් තේරුම් අරන් කතා කරන්න. ලෝකේ ගිනි තියන්නේ නැතිව.
දානය ගිලගිල ඉන්න හාමුදුරුවනේ... නිකන් බොරු විකාර දොඩවන්නේ... ඔයාලා කරපු සේවය මොකක්ද කියන්න මේ රටට... ඔක්කොම බල ලෝභීකමෙන් යටවී පුටු රත්කර කර ඉන්න මැරෙනකම්...
මංගලලා රටක ඉතිහාසය දන්නෙ නැත්නම් නිහඬව සිටියා නම් යෙහෙකි. මොවුන් මේ කරන්නේ කෑ පතේ පැහැරීමයි. ඒ අසත්පුරුෂයාගේ ලක්ෂණය. මොවුන් මෙළොවත් පරළොවත් දුකට පත්වණු ඇත.
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධයාගේ රටක්...! ඒ හින්දා සිංහල බෞද්ධ නැති හැමෝම එක්කෝ මුහුදට පැනපල්ලා..! එහෙම නැත්නම් බෝම්බ බදාගෙන මිනිස්සුන්ට පැනපල්ලා..!
එතකොට ගල් අරාබිය, ඉරාන්, ඉරාක්, පාකිස්තානය, ඇෆ්ගනිස්තාය, මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල් මොන රටවල්ද කියලා... මොංගලයාගෙන් ඇහුවොත් මොංගලයාගේ උත්තරය මොකක් වෙයිද?
එතකොට ගල් අරාබිය, ඉරාන්, ඉරාක්, පකිස්තානය, ඇෆ්ගනිස්තාය, මැලේසියාව, ඉන්දුනීසියාව, වැනි රටවල් මොන රටවල්ද කියලා ඇහුවොත් උත්තරය මොකක් වෙයිද?
තවමත් මේ පාලකයන්ට කඩේ යන අය ඉතාමත්ම සීමිත පිරිසක් ඉන්න බව සමහර අදහස් වලින් පෙනෙන බව කනගාටුවෙන් වුවද කිව යුතුය.
මේක මංගල දාපු බෝම්බයක්නේ. දැන් ඔක්කොම හාමුදුරුවොයි බෞද්ධයෝයි මේ පස්සේ දුවන්න ගනීවි. එතකොට දැන් රටේ තියන උණුසුම් ප්රශ්නය අමතක වෙනවනේ.
ඔව් ලංකාව සිංහල බෞද්ධ රටක්. ඒක කියන්න කිසිම කෙනෙක් බිය විය යුතු නෑ. අවුරුදු 2500 ක ඉතිහාසය තමයි ඒක ඔප්පු කරන්න තියෙන සාධකය. මේකෙ එහෙම නෙවෙයි කියපු අයත් මංගල කියන පුද්ගලයාත් මහා සංඝ රත්නයට ගරහන අයත් ඒ බව දැන ගත යුතුයි.
මේක සිංහල බෞද්ධයන්ට විතරක් අයිති රටක් නෙමේ.අපි හැමෝටම අයිතියි. අපිත් සිංහල තමයි බෞද්ධ නොවුනට.ලංකාවේ ඉපදුනානම් සිංහල දෙමල මුස්ලිම් බර්ගර් කියල වෙනසක් නෑ, අපි හැමෝටම මේ රට අයිතියි.
ශ්‍රී ලාංකිකයන් කියන එකේ වැරැද්ද මොකද්ද???
මංගල සැමවිටම ජාති ද්‍රෝහී ප්‍රකාශ කිරීම පිළිකුල් සහගතයි. 225න් කාටවත් බැරිද විශ්වාස භංගයක් ගේන්න
බොහෝ හාමුදුරුවන් වහන්සේලා නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන මොහොතක ඔබ වහන්සේගේ ප්‍රකාශය බොහොම වැදගත්.තෙරුවන් සරණයි!
අපිත් හෙලා දකිනවා. නමුත් ඔහු වැනි පුද්ගලයකුගෙන් එවැන්නක් හැර වෙනදෙයක් බලාපොරොත්තු විය නොහැක
අපේ හාමුදුරුවනේ, මම කතෝලිකයෙක් නමුත් මම ඔබවහන්සේ ගැන සතුටුවෙනවා මේ මොහොතේ මෙවැනි ලිපියක් ප්‍රකාශ කරපු එක ගැන. ඒ වගේම අපේ හාමුදුරුවනේ මේ යෝජනාවත් මම කරන්න කැමතියි... මින්පසු ඔය පාර්ලිමේන්තුවට පත්විය යුත්තේ හොඳ විනයක් තියෙන සිංහල බෞද්ධ අය පමණක් විය යුතුයි කියන එකයි මගේ අදහස... මගේ ආගමෙන් වුණත් ඕනෑ නැහැ. මේ ජාතින් සහ ආගම් අතර බෙදෙන්නේ ඔතැනින් තමයි. මට අපේ කතෝලිකයන් බනීවි... නමුත් ඇත්ත ඕක තමයි. පෙන්නේ නැද්ද අර අපේ එක ගොන් නාම්බෙක් ඉන්නේ ඕක ඇතුලේ මෙලෝ වැඩකට නැති. මම අපේ හමුදුරු නමකට අදහස් දක්වන්නේ කොහොමද කියා බලමින් ඉන්න මොහොතක තමයි ඔබ වහන්සේගේ ලිපිය දැක්කේ... මේක තමයි අපේ හාමුදුරුවනේ... අවස්ථාව ඔබවහන්සේලා ඉදිරිපත් වුණොත් මේක වෙනස් කළහැකියි. තෙරුවන් සරණයි....!!!
අපි කාටත් තම තමන්ගේ ආගම් අදහන්න මේ රටේ ඕනෑවටත් වඩා නිදහස තියෙනවනේ... තවත් මොකටද ඇනකොටා ගන්නේ? පැහැදිලිව පේනවනේ කවුද මේවා කරන්නේ කියා... ඔය වගේම අනික් දේශපාලකයෝත් ඔහොම තමයි. අපේ හාමුදුරුවන්ගේ ලිපියට අදහස් දක්වන නිසා මම ඉවසීමෙන් ලියන්නේ.. නැතිනම් මෙහෙම නෙමෙයි ලියන්නේ ඔය දේශපාලකයන් ගැන. අපේ හාමුදුරුවනේ, අපි ඉදිරියට එන්න ඕනෑ කාලේ ඇවිල්ලා නේද? ආගමික නායකයා නම් වහන්සේලා ගැන විතරයි අපේ විශ්වාසය සහ බලාපොරොත්තුව දැන්...
මේක එකම සිංහල, බෞද්ධ රටයි. මංගල ඉතිහාසය ඉගෙනගෙන නැහැ... ඇයි මේ මිනිස්සුන්ට ඡන්දෙ දෙන්නේ ඇයි?