
( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීම සහ බලාත්මක කිරීම මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට දිගින් දිගටම අපොහොසත් වී ඇති හෙයින් ජී.එස්.පී ප්ලස් සහනය තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් සලකා බලන්නැයි යුරෝපා කොමිසමෙන් ඉල්ලමින් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ බහුතරයකින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් සම්මත කර ගන ඇතැයි බ්‍රසල්ස් හී තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.
පාර්ලිමේන්තු මන්ත්‍රවරුන් 705 දෙනෙකුගෙන් සමන්විත යුරෝපා සංගම් පාර්ලිමේන්තුව තුළ අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 628 ක් ද, විරුද්ධව ඡන්ද 15 ක් ලැබී තිබන අතර තවත් 40ක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් පැහැදිලි කර ඇති පරිදි, බරපතළ මානව හිමිකම් උල්ලංඝණය වීම් නැවත සිදුවීමක් සඳහා රටතුළ ඇති භයානක පසුබෑමක් ඇති බවට ද යුරෝපා සංගම් පාර්ලිමේන්තුව අදාළ යෝජනාවේ දැඩි කනස්සල්ල පළ කර තිබේ.
එබැවින් 2017 වසරේදී යුරෝපා කොමිසම විසින් ශ්‍රී ලංකාවට යළි ලබා දුන් ජී.එස්.පී.ප්ලස් බදු සහනය හා එහි ප්‍රතිලාභ තාවකාලිකව ඉවත් කර ගැනීමට යුරෝපා කොමිසම සලකා බැලිය යුතු බව යූරෝපා පාර්ලිමේන්තුව සම්මත කර ගත් එම යෝජනවේ සදහන් වේ.
තව ද සිවිල් සැකකරුවන් සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා පොලීසියට පුළුල් බලතල ලබා දෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එහි සාමාජිකයින් දැඩි විරෝධයක් පළ කළ බවට ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
20 සම්මත කරගෙන හොර කොමිසම් දාගෙන පවුලේ හොරුන්ගේ නඩු අයින් කරගන්න කොට ඕක වෙන බව අපි දන්නවා. ෆේල් නෙමෙයි විභාගෙට වාඩිවෙලාවත් නෑ...
ඉල්ලගෙන කන්නයි හදන්නේ..!!!
තමන් ඉපදුණු මව්බිමට කෙළවෙන හැටි බලා සතුටු වෙන ජෙප්පෝ...!!!
ඉතාම හොඳ තීරණයක්. හැකිනම්, යුරෝපා සංගමයේ රටවල් වලට ශ්‍රී ලාංකිකයින්ට ඇතුළුවීමට සීමා පනවන්න. සියලුම වෙළඳ ගිවිසුම් අහෝසි කරන්න. යුරෝපයෙන්, ඇමරිකාවෙන් ලැබෙන ආධාර වලින් පිනට කාලා ගිනි පොලියට ණය දෙන චීනෙට ආවඩනවා. කෙලෙහි ගුණ නොදන්නා ශ්‍රී ලාංකිකයින්ව ඔය රටවලින් පිටුවහල් කරන්න. අන්න එදාට චීනෙට හෝ රුසියාවට ගොස් ඔවුන්ට ගැලපෙන ලෙස කොන්ද නවාගෙන ජීවත්වෙයි...
අපට ඔය විදිහටම ඇමරිකාව යුද්ධය අවසාන කාලයේ (2009) කෙනෙහෙලිකම් කළා. රාජ්‍ය තාන්ත්‍රික වීසා පවා නොදී... නමුත් 2011 සැප්තැම්බර් 11 ඇමරිකාව පාඩම් ඉගෙන ගත්තා ත්‍රස්තවාදය ගැන. යුරෝපා සංගමයේ රටවල්වලටත් වන්නේ ඔය ටික තව ටික දවසකින්... ත්‍රස්තවාදයට ආවඩලා සහ මේ බුදුරජාණන් වහන්සේ තුන්වරක් වැඩි ධර්මය දරාගෙන ඉන්න රටට වින කටින්න ඇවිත්... මෙතෙක් එහෙම වින කටින්න ආපු කාලිංග මාඝ ඉඳලා ප්‍රභාකරන් දක්වා 24 දෙනෙක් කළු ගලේ ඔළුව ගහගත්තා වගේ විනාශ වුණා.
චීනය අපේ අපනයන ආර්ථිකය වෙනුවෙන් ලබා දෙන්නේ අවම දායකත්වයක්, ඒ වගේම ඔවුන් ශ්‍රී ලංකාවට ණය ලබාදීමේදී, ඔවුන් ලබාදෙන ණය කෙතරම් ඵලදායී ලෙස භාවිතා කරන්නේද, එම ව්‍යාපෘති මගින් රටේ ආර්ථිකයට, රටේ දියුණුවට කෙතරම් උපකාරී වෙනවද කියලා බලන්නේ නෑ වගේම ඒ ණය ගෙවීමට ශ්‍රී ලංකාවට පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් නැති බවත් ඔවුන් දන්නවා. ණය ගෙවීමට අපට තිබෙන විසඳුම වන්නේ ණය ගෙවීමට තවත් ණයක්, එම ණය ගෙවීමට තවත් ණයක් යනාදී වශයෙන් නිමා නොවෙන ණය උගුලක හිරවීම හෝ රටේ ආර්ථික වටිනාකමක් ඇති ජාතික සම්පත් විකිණීම හෝ දිගු කාලීනව බදු දීම වැනි පිළිවෙත් බව චීනය හොඳින්ම දන්නා කරුණක්. ලෝක බැංකුවෙන් ණයක් ගැනීමේදී , ඔවුන් ලබාදෙන ණය කෙතරම් ඵලදායී ලෙස භාවිතා කරන්නේද, එම ව්‍යාපෘති මගින් රටේ ආර්ථිකයට, රටේ දියුණුවට කෙතරම් උපකාරී වෙනවද හා ණය ගෙවීමේ හැකියාව වැනි කරුණු මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී කරුණු සලකා බලනු ලබයි. කෙසේ වෙතත් අද වනවිටත් අපේ අපනයන ආර්ථිකයට විශාලම දායකත්වයක් (96%) ලබාදෙන්නේ බටහිර වෙළද පොළයි.