(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඕක්ලන්ඩ්හිදී අද (2) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සුපිරි ඕවරයේදී ජය ලැබීමට සමත් වූහ.
මහීෂ් තීක්‍ෂණ යැවූ ‘සුපිරි ඕවරයට’ නවසීලන්තය ලකුණු 8 ක් පමණක් රැස්කළ අතර ශ්‍රී ලංකා පිල පන්දු දෙකකින් ලකුණු 12 ක් රැස්කරමින් ජයග්‍රහණ තහවුරු කළේය.
එහිදී චරිත් අසලංක දෙවැනි පන්දුවට හයේ පහරක් වාර්තා කරමින් ජය පෙණෙන මානයට ගෙන ඒමට සමත් විය. තෙවැනි පන්දුවට නිපන්දු ලකුණු 5 ක් ලැබීමේ ජයග්‍රහණය පහසුවිය.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 5 ක් දැවී ලකුණු 196 ක් රැස්කළ අතර නවසීලන්ත පිල ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 196 ක් රැස්කරමින් තරගය සමව අවසන් කිරීමට සමත් විය.
ශ්‍රී ලංකාව ඕවර 20 කදී කඩුලු 5 ට 196(කුසල් මෙන්ඩිස් 25, කුසල් පෙරේරා නොදැවී 53, ධනංජය ද සිල්වා 15, චරිත් අසලංක 67, වනිඳු හසරංග නොදැවී 21, ජේම්ස් නිශාම් 30/2) නවසීලන්තය ඕවර 20 කදී කඩුලු 8 ට 196 (ටොම් ලෙතම් 27, ඩර්ලි මිචෙල් 66, මාර්ක් චැප්මන් 33, ජේම්ස් නිශාම් 19, රචින් රවීන්ද්‍ර 26, ප්‍රමෝද් මධුෂාන් 37/2, වනිඳු හසරංග 30/2, දසුන් ශානක 20/2)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ශ්රී ලංකාව ‘සුපිරි ඕවරයේදී’ ජය ලබයි
Perera Sunday, 02 April 2023 11:29 AM
යාන්තම් ජාමෙ බේරුණා... නැතිනම් ලැජ්ජාවේ පණ යනවා.
Nihal Sunday, 02 April 2023 12:43 PM
බෝල ගැහිල්ලේත් නිමක් නැහැ...
swene Monday, 03 April 2023 05:26 AM
ප්‍රධානතම ක්‍රීඩකයින් වන වනිඳු, චරිත් සහ ධනංජය යන තුන්දෙනාම කොළඹින් පිට එකම පාසලකින් (රිච්මන්ඩ් විද්‍යාලයෙන්) බිහිවූ අය වීම විශේෂත්වයක්...!