(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඕක්ලන්ඩ්හිදී අද (2) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සුපිරි ඕවරයේදී ජය ලැබීමට සමත් වූහ.
මහීෂ් තීක්‍ෂණ යැවූ ‘සුපිරි ඕවරයට’ නවසීලන්තය ලකුණු 8 ක් පමණක් රැස්කළ අතර ශ්‍රී ලංකා පිල පන්දු දෙකකින් ලකුණු 12 ක් රැස්කරමින් ජයග්‍රහණ තහවුරු කළේය.
එහිදී චරිත් අසලංක දෙවැනි පන්දුවට හයේ පහරක් වාර්තා කරමින් ජය පෙණෙන මානයට ගෙන ඒමට සමත් විය. තෙවැනි පන්දුවට නිපන්දු ලකුණු 5 ක් ලැබීමේ ජයග්‍රහණය පහසුවිය.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 5 ක් දැවී ලකුණු 196 ක් රැස්කළ අතර නවසීලන්ත පිල ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 196 ක් රැස්කරමින් තරගය සමව අවසන් කිරීමට සමත් විය.
ශ්‍රී ලංකාව ඕවර 20 කදී කඩුලු 5 ට 196(කුසල් මෙන්ඩිස් 25, කුසල් පෙරේරා නොදැවී 53, ධනංජය ද සිල්වා 15, චරිත් අසලංක 67, වනිඳු හසරංග නොදැවී 21, ජේම්ස් නිශාම් 30/2) නවසීලන්තය ඕවර 20 කදී කඩුලු 8 ට 196 (ටොම් ලෙතම් 27, ඩර්ලි මිචෙල් 66, මාර්ක් චැප්මන් 33, ජේම්ස් නිශාම් 19, රචින් රවීන්ද්‍ර 26, ප්‍රමෝද් මධුෂාන් 37/2, වනිඳු හසරංග 30/2, දසුන් ශානක 20/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාන්තම් ජාමෙ බේරුණා... නැතිනම් ලැජ්ජාවේ පණ යනවා.
බෝල ගැහිල්ලේත් නිමක් නැහැ...
ප්‍රධානතම ක්‍රීඩකයින් වන වනිඳු, චරිත් සහ ධනංජය යන තුන්දෙනාම කොළඹින් පිට එකම පාසලකින් (රිච්මන්ඩ් විද්‍යාලයෙන්) බිහිවූ අය වීම විශේෂත්වයක්...!