චීනය සමඟ ගනුදෙනු කරද්දී, කල්පනාවෙන් කටයුතු කරන බවත්, අසල්වැසි ශ්‍රී ලංකාව මෙන් අමාරුවේ නොවැටීමට වගබලා ගන්නා බවත් බංග්ලාදේශය පවසයි.
බංග්ලාදේශය වෙනුවෙන් 'අයි.බී. ටයිම්ස්' පුවත්පතතට මෙසේ අදහස් දක්වා ඇත්තේ, බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනාගේ විදේශ කටයුතු පිළිබඳ උපදේශක ලෙස කටයුතු කරන ගවුහර් රිස්වි ය.
දිළිඳු මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් කීපයක් මේ වනවිටත් චීනයේ 'ණය උගුලට' හමුවී ඇති බවත්, ඔවුන්ට චීනයේ බලපෑමට යටත් වීමට සිදුවී ඇති බවත් ගවුහර් රිස්වි පැහැදිලි කර තිබේ.
චීනය සමඟ ගනුදෙනු කරද්දී ශ්‍රී ලංකාව අමාරුවේ වැටුණු හැටි හොඳින් අවබෝධ කර ගනිමින් සහ එයින් පාඩම් ඉගෙන ගනිමින් චීනය සමඟ ගනුදෙනු කරද්දී බංග්ලාදේශ රජය ඉතා කල්පනාවෙන් කටයුතු කරනවා යැයි ද ගවුහර් රිස්වි අවධාරණය කර තිබේ.
අයි.බී. ටයිම්ස් ඇසුරිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංගලිදේශයට ජයවේවා..!!!
නිදහසෙන් පසු දේශපාලකයින් ලබා අැති දියුණුව දකින අය කොහොමද ලංකාව ගැන එහෙම කියන්නේ? අපේ දේශපාලකයින් බුද්ධිමත් රට විකුණ විකුණා සල්ලි කරනවා. රට ආර්ථිකය ශක්තිමත් කරන්න මුලු ලෝකයටම අපේ ශ්‍රම බලකාය විකුණනවා. දැන් කෝවිඩ් වලිනුත් අපේ දේශපාලකයින්ගේ මිතුරු ආර්ථිකය ශක්තිමත් කරගෙන යනවා. එහෙව් බුද්ධිමත් 69 ලක්ෂයකට අධික බුද්ධිමත් ජනතාවක් ඉන්න රටක් ලංකාව... බංග්ලාදේශ අැමැතිවරුනි ඔබලාගේ මොලය හොඳ මදියි වගේ...
මේ යන විදියට අපිට බංග්ලාදේශයෙන් ණයක් ගැනීමට නොබෝ දිනකින්ම හේතු වාසනා වේවි..!!!
පැටලුණා නොව අපේ පාලකයෝ රට පැටලුවා... ලෙස නිවැරැදි කරන්න.
ඒකට අපේ අය.. ඊයේ, පෙරේදා බංගලිදේශයට ගිහින්වත් මේ පාඩම ඉගෙන ගත්තද දන්නේ නැහැ. පක්ෂ, පාට බලන්නේ නැතිව.. අත්තනෝමතිකව ණය ගත්ත ඔක්කෝටම දඬුවම් දෙන්න ඕනෑ.
රජයට උදව් කරගෙන ඉන්න අපේ වියතුන්ට මේ ප්‍රශ්නය නොතේරෙන්නේ වියත්කම වැඩි නිසා වෙන්න ඇති...
චීනය කියන්නේ මේ ලෝකයේ අසික්කිතම රටකි. ගමේ ඉන්න ගිනි පොලී කාරයා වගේ. චීනයට විරුද්ධව මුලු ලෝකයම නැගී සිටින දිනය වැඩි ඈතක නොවේ.
බලලෝභී, බඩගෝස්තරවාදී නායකයන් අපේ රට ණය උගුලකට ඇදලා දැම්මා. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරලා හමාරයි..
දැන් ශ්‍රී ලංකාවට ඒ උගුලෙන් බේරෙන්න බැහැ. ලංකාව චීනයේ කොලනියක් වෙලා හමාරයි. රාජපක්ෂලා රට විකුණලා ඉවරයි. අනාගතයේදී ශ්‍රී ලංකාව වෙනුවට චීන්ලංකා වෙන එක හොඳටම දන්නා දෙයකි. ඔය පෝට් සිටි එකේ චීන ආයෝජකයින්ට පමණක් කරයි.. අනාගතයේදී චීන්නු විතරයි ..
තමන්ගේ මව්බිම අගාධයට යනවා බලාගෙන ඉන්න කාලකණ්ණි පිරිසක් ඉන්න එකම රට තමයි ලංකාව...
හම්බන්තොට වරාය චීනයට අවුරුදු 140කට බදුදීමෙන් පසුවයි, අප රට චීන නය උගුලක හිර වූයේ. එම ගනුදෙනුව සිදු කළේ යහපාලන ජනාධිපති යටතේ තිබූ ලිච්ඡවි රාජ්‍ය සමයේදීය. රාජපක්ෂ පාලන සමයක් එකල තිබුණේ නැත. මෙය ලියා එව්වේ බොහෝ අයට අමතක වී ඇති ඇත්ත මතක් කර දීම සඳහා පමණි.
මෙතරම් අවාසනාවන්ත තත්වයට රට පත්වීමට පාලකයන් සේම පාලිතයන්ද වගකිව යුතුයි. රට ගැන නොසිතා අද දවසේ ලාභය ගැන පමණක් සිතන ජාතියකට ලැබෙන උරුමයයි මේ... අද දවසේද දේශපාලන කණ්ණාඩියෙන් ප්‍රශ්නදෙස බලනවා මිස ප්‍රඥාවෙන් ඒ දෙස බැලීමට තරම් බුද්ධියක් බහුතරයකට නැත. තව දේ්වල් සිදුවීමට නියමිතව ඇත. අපට ජාතියක් වශයෙන් ලැජ්ජා වෙනවා. හැරෙන්නට අනෙකක් නැත. අපි ප්‍රභාකරන්ගෙන් රට බේරාගෙන ලෝකෙටම විකුණාදැමූ පෞඩ ජාතියක් වෙමු.
රටේ ආදායමට වඩා වියදම වැඩියි. ඒක නිසා රටේ පාරවල් වතුර, විදුලිය වෙනුවෙන් වියදම් කරන්න මුදල් නැහැ. ඒක නිසා මේ පහසුකම් ඕනෑ නැහැ කියලා රජයට කියමු. නමුත් කවුරුවත් කියන්නේ නැති දේ තමයි ලෝකේ දියුණු කියන බොහෝ රටවල් ආදායමට වඩා ණයයි කියන එක...
චීනය මුලින්ම කරන්නේ අදාල රටේ පාලකයාට කෝටි ගණනින් අල්ලස් දෙන එකයි. දැනට චීන ණය උගුලට අසුව ඇති රටවල පාලකයින්ගේ ස්විස් ගිණුම් සී ශෙල්ස් ගිණුම් පරීක්ෂා කිරීමට අවස්ථාවක් ලදහොත් මේ බව හෙළිවනු ඇත. පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම කියා පපුවට ගසා ගන්නන්ගේ නිරුවත මෙයයි.
එන්න අපි අනුර කුමාරගේ වැඩ ගැන කතාකරමු...
අපිට අපේ රට ගැන දුකයි - ලැජ්ජයි. මේ දේශපාලඥයෝ රැල රට විනාශ කරලා ඉවරයි - ලෝකයේ කොහේ හරි චිනගෙන් ණය අරන් බංකොලොත් වෙච්ච රටවල් ගැන කථා කරොත් උදාහරණයට ගන්නේ ලංකාව
රිස්විට වැරදිලා. අපි ණය උගුලක වැටිලා නෑ, පක්ෂ බේදයකින් තොරව අපි ඒක කරන්නෙ විනෝදාංශයක් හැටියට. මිත්‍ර රටවල් එක්ක තියන ෆිට් එකට සල්ලි ඉල්ලන්,
අපි මෙතන එකා එකා මරා ගත්තට වැඩක් වෙන්නේ නෑනේ. ඇත්තටම අපි කොහොමද රටක් විදියට චීනේ මේ උගුලෙන් ගැලවෙන්නේ දැන්? මට කිසිම පක්ෂයක් නැත. මේ දකින දේවල් ගැන දුකයි. ඇත්තටම අපිට ගොඩ එන්න පුළුවන් විදියක් මොකක්ද දැන් ඉතුරු වෙලා තියෙන්නේ?
මෙහි NM ලෙස අදහස් දක්වා ඇති තැනැත්තා කවුද කියා නොදන්නා නමුත් ඔහු ඉතාම නිවැරදි ලෙස වර්තමාන ආර්ථික තත්වය සහ චීන උපාය මාර්ග ගැනත්, අනාගත ඉන්දියානු ආර්ථිකය ගැනත් අදහස් දක්වා ඇත.ඒ කරුණු සත්‍යය කරුණුය.මා මෙහිදී එකක් කියමි. ඒ නම් අප රට චීනයේ පමණක් නොව ලෝකයේම ණය උගුලක හිර කලේ රාජපක්‍ෂලා සමග කබ්රාල්, ජයසුන්දර, වැනි ආත්මාර්ථකාමී නඩයක් ය. ඉදිරි පරම්පරා සියල්ල ඔවුන් චීනයට පාවා දී ඇත.දැන් ආයෙත් ඔවුන් ඒ දේම කරනු ලබයි. අපි බලා ඉමු.
මෙහි අදහස් දක්වා ඇති තැනැත්තා කවුද කියා නොදන්නා නමුත් ඔහු ඉතාම නිවැරදි ලෙස වර්තමාන ආර්ථික තත්වය සහ චීන උපාය මාර්ග ගැනත්, අනාගත ඉන්දියානු ආර්ථිකය ගැනත් අදහස් දක්වා ඇත. ඒ කරුණු සත්‍ය කරුණුය. මා මෙහිදී එකක් කියමි. ඒ නම් අප රට චීනයේ පමණක් නොව ලෝකයේම ණය උගුලක හිර කලේ රාජපක්‍ෂලා සමග කබ්රාල්, ජයසුන්දර, වැනි ආත්මාර්ථකාමී නඩයක්ය. ඉදිරි පරම්පරා සියල්ල ඔවුන් චීනයට පාවා දී ඇත. දැන් ආයෙත් ඔවුන් ඒ දේම කරනු ලබයි. අපි බලා ඉමු.
චීන බංකොළොත් වෙන්න අපිට ණය දීලා..