( තිළිණි ද සිල්වා )
විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා (e-commerce) ඍජුවම භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමි වී ඇත.
ඒ අනුව ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයා දක්වා ගනුදෙනු, ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද හරහා පහසු කිරීම පිණිස වන මෙම නව යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇත.
ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් හට විදේශ සමාගම් වෙතින් ඍජුවම භාණ්ඩ තම නිවෙස් වෙත ගෙන්වා ගැනීමට අවස්ථා තිබෙන නමුදු විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට එසේ භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හට මෙතෙක් අවස්ථාවන් ලැබී නොමැත.
ඒ අනුව, ශ්‍රී ලංකා රේගුව වෙත ලේඛන ඉදිරිපත් කිරීමකින් තොරව එක් ගනුදෙනුවක උපරිමය ඇ.ඩො. 3000 ක් වටිනා භාණ්ඩ මෙසේ ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයන්වෙත අනුමත ව්‍යාපාරික ක්‍රමවේදය අනුව භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හට මින් පසු අවස්ථාව ලැබේ.
මෙසේ, එක් වරකට උපරිමය ඇ.ඩො. 3000 දක්වා වටිනා භාණ්ඩ ඕනෑම ප්‍රමාණයකින් විදේශීය පාරිභෝගිකයන් වෙත යැවීමෙන් පසුව එසේ මසක් ඇතුළත එසේ යවන ලද සියලු භාණ්ඩ වෙනුවෙන් මාසය අවසානයේදී ඒ සඳහා වන රේගු ලේඛණය ශ්‍රී ලංකා රේගුව වෙත අපනයනකරුවන් විසින් ඉදිරිපත් කළ යුතුවේ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි ආයතනයක් හෝ ව්‍යාපාරයක්, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ව්‍යාපාර ආයතනයක් නැතහොත් අපනයනකරුවකු ලෙස ලියාපදිංචි වී ඇති පුද්ගලයෙකුට, ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයා වෙත ඍජුව ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා ගනුදෙනු කිරීමට ලබාදී ඇති මෙම පහසුකම භුක්ති විඳීමට අවසරය හිමිවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේකේ වැඩි විස්තරයක් නැහැනේ? කොහොමද වැඩි විස්තර හොයාගන්නේ? මොකක්ද ඉලෙක්ට්‍රෝනික් බැංකු පහසුකම?
මේකත් හරියට යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ වැඩක්... පේපැල් නැතුව බඩු විකුණලා සල්ලි කොහොමද ගන්නේ?
ඊ බේ එකේ දාලා ඇමරිකන් ඩොලර් 3000ක් වෙනකම් වටිනාකමකින් යුත් භාණ්ඩ අපනයන බදුසහන යටතේ භාණ්ඩ විකුණන්න පුළුවන් කියන එකනේ ඔය කියන්නේ...
මෙතන පොඩි ගැටළුවක් තිබෙනවා. භාණ්ඩ ලැයිස්තුව මාසය අවසානයේදී රේගුවට ඉදිරිපත් කළාට පස්සේ කීයක් බදු ගෙවන්න වෙයිද කියන එකයි ප්‍රශ්නේ... එහෙමනම් කල් ඇතුව භාණ්ඩයට අදාල ස්ථිර රේගු ගාස්තුවක් නිර්ණය කරවා ගැනීමේ ක්‍රමයක් තිබිය යුතු වෙනවා. නැතිනම් අන්තිමේ භාණ්ඩයට ලැබුණු මුදලෙන් වැඩි කොටස රේගුව ගනීවි... මාසේ අන්තිමේ ලැයිස්තුව බලලා. එ්ක අඩු කරවගන්න වෙනමම කුට්ටියක් දෙන්න වෙනවා අත යටින්. අනික මේ විදියට විකුණන භාණ්ඩ සියල්ල දේශීය භාණ්ඩම විය යුතු නම් එ්කෙන් ඔය කියන තරම් වෙළඳාමක් වෙන්නේ නැහැ. දේශීය භාණ්ඩ වගේම විදේශවලින් ආනයනය කළ භාණ්ඩත් නැවත විකිණීමේ හැකියාව තිබිය යුතුයි. එවිට අර ඇමෙරිකාවට කෙලින්ම ගෙන්විය නොහැකි බඩු කැනඩාවට ගෙනවිත් ඇමෙරිකාවට විකුණලා කැනේඩියානු සමාගම් මුදල් උපයනවා වගේ අපටත් ඉන්දියාවට විදේශික භාණ්ඩ යැවීමෙන් මුදල් ඉපැයීමට පුළුවනි. මේ ප්‍රතිඅපනයනය කරන භාණ්ඩ ආනයන බද්දෙන් තොරව මෙරටට ගෙන්වීමට හෝ නැතිනම් ප්‍රතිඅපනයනය කළ පසු එහි ආනයන බද්ද ආපසු ලබාගැනීමට හැකියාවක් නැතිනම් ඒ වෙළඳාමත් සාර්ථක වෙන්නේ නැහැ. එහෙම බද්දෙන් තොරව භාණ්ඩ ගෙන්වා ගබඩාකල හැකිනම් ලංකාව "FULFILLMENT CENTER HUB " එකක් කළ හැකියි.
ලංකාවේ බැංකුවලට ඔපන් කරන්න ගොඩක් ඩොලර් හිරවෙලා ඉන්නවා ලංකාවට ගෙන්න බැරුව. කියවන්න මොකක් හරි වචනයක් හම්බ උනහම ඔහේ කියවනවා ලංකාවේ වැඩකරන ගොඩක් අය ඉන්නවා ඒගොල්ලොන්ගේ මුදල් ගෙන්න බැරුව ලතවෙනවා......
පේ පෑල් නැතුව අපට සියඹලා කරලක්වත් සුද්දන්ට විකුණගන්න බෑ කියලා ලංකාවේ පාලකයෝ කවදා තේරුම් ගනීද...
ඊ බේ එකේ නැතිනම් ඇමසෝන් එකේ විකුණන එක ඔය හිතන තරම්ම පහසු නැහැ. ඔය මොන මුදල් රෙගුලාසි වෙනස් කලත් ඒ සඳහා පුහුණුවක් අධ්‍යාපනයක් අවශ්‍ය වෙනවා. "SEARCH ENGINE OPTIMISING ", "kEY WORD OPTIMIZING " වගේ දේවල් නොදැන වැඩේ අමාරු වෙනවා. ඉන්දියානුවෝ මෙව්වා දැනටමත් ප්‍රගුණ කරලා හමාරයි. මෙව්වා අපේ රටෙත් විද්‍යුත් පාඨමාලා මගින් හෝ, කාර්මික විද්‍යාල වල හෝ නැතිනම් පාසල් වලම නිවාඩු කාලයට පාඨමාලා පවත්වා උගන්වන්නේ නැතිනම් වැඩේට බැහැලා අතරමන් වෙන්නයි වෙන්නේ.
විසිතුරු මසුන් මේ ක්‍රමයට යවන්න වැඩ පිළිවෙලක් තිබේද?
බලා ඉන්න ගිය මහින්ද ආණ්ඩුව කලේ මෙය හොදට බිස්නස් කලා. අර වෙන රටක ළමා අපචාර වලට වැරදි කරුවෙක් උන එකෙකුට මිලියන 16 නඩුවට ලොස් නැතුව වියදම් කලේ ඒ වගේ මේ පාරත් හොද හොද බිස්නස් කරාවි ජනතාවට ඉලෙක්ට්‍රොනික් ලබ්බක් තමා ලැබෙන්නේ මොකද දැන් ජනතාව ගොනාට අන්දවල සල්ලි හොයන ක්‍රම හොයා ගන්න එපාය