(විමුක්ති එස් රුද්‍රිගු)
බලශක්ති සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියක් සඳහා අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එළඹෙන මාස දෙක තුළ අත්සන් තබනු ඇතැයි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරොගොඩ මහතා ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.
එසේම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙළඳ ගිවිසුමක් පුළුල් කිරීම සඳහාද එළඹෙන මාස දෙකක කාලය තුළ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව රොයිටර් පුවත් සේවය පෙන්වා දී තිබේ.ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීමේ සැලැස්ම ප්‍රධාන කොටසක් උතුරේ තිබෙන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වර්ධනය කිරීම තුළ රඳා පවතින බවත් එහිදී ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව අතර බලශක්ති සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් පිහිටුවීම මගින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් උත්පාදනය කරනු ලබන විදුලිය ඉන්දියාව වෙත රැගෙන යා හැකි බවත් මිලින්ද මොරොගොඩ මහතා ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳ යෝජනාව මීට වසර 10 කට පමණ පෙර ඉදිරිපත් විය.පසුගිය වසරේ ඒ පිළිබඳ සාකච්ඡා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව නැවත ආරම්භ කරන ලදි.
වසර දෙකක හෝ තුනක කාලයක් තුළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් පිහිටුවීමට හැකි වුවහොත් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් උත්පාදනය කරනු ලබන විදුලිය ඉන්දියාවට අලෙවි කළ හැකි බව මොරොගොඩ මහතා පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඉතින් වැඩේ අනාගන්න වෙයි කියලා විකාර කියවනවා. ඕකේ දේශපාලකයෝ මිනිස්සුන්ට පේන්න බැහැ... ලංකාව, ඉන්දියාව, ජපානය එකතුවෙලා ලංකාවේ කර්මාන්ත පටන් අරන් ඒවා ඉන්දියාවේ ධනවත් 10%ක් ජනතාවට අලෙවි කරලා ඉන්දියාවේ සල්ලි පිටට අදින්න... රනිල්ලා, සෝල්හයිම්ලා ගිවිසුම් ගැහැව්වේ අද, ඊයේ නෙවෙයි. නමුත් පරහට හිටියේ බලශක්තිය... ඉන්දියාවෙන් රැහැන් ඇදලා ලංකාවට නුදුරින්ම තියෙන න්‍යෂ්ටික බලාගාර වලින් ඒ අඩුව පුරවන්න සැලසුම් කළේ අද ඊයේ නෙවෙයි. විදුලිය රට යවනවා කියලා බයිලා තමයි කියන්නේ.
ඕවා කරන්නේ ලංකාවට වාසිවන විදිහටද? කරන ලද අධ්‍යයන මොනවද? උතුරේ පුන්ර්ජනනීය බලශක්ති විභවය ලංකාවට යොදාගන්න බැරිද? අපි ගල්අඟුරු වලට, තෙල්වලට කොතරම් වියදම් දරනවද? ජනාධිපති හිතෙන හිතෙන විධියට රට පාවාදෙනවා. විකුණනවා. කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැහැ...
අපොයි ඔව්. රටට ආදරේ පොරනේ... මේ අය කරන්නේම කොමිස්වලට පිටරටවල්වලට වාසිවෙන විදිහට රටේ සම්පත් විකුණන් කන එක තමයි...