( තිළිණි ද සිල්වා )
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඇමෙරිකාවේ විසූ ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙලෙස එම වයිරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇත්තේ නිව්යොර්ක් නගරයේ ස්ටැටන් අයිලන්ඩ් ප්‍රදේශයේ පදිංචිව සිටි රාණි ෆ්ලෙමින්ග් නැමැත්තියකි.ඇය කඩවත ප්‍රදේශයේ සිට මෙරට පදිංචියට පැමිණි අයෙකු බැව් පැවසේ
දීර්ඝ කාලයක පටන් ඇමෙරිකාවේ වෙසෙන ඇය මියයන විට 84 හැවිරිදි වියේ පසුවූ තැනැත්තියක බවද එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.
මෙම මරණයට පෙර ස්විට්සර්ලන්තයේ එක් ලාංකිකයෙකුද , බ්‍රිතාන්‍යයේ සිටි තවත් ලාංකිකයින් දෙදෙනෙකුද කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා ජීවිතක්ෂයට පත් වූහ.
මේ වනවිට ඇමෙරිකාවේ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් ලාංකික පවුල් 4 ක් නිව්යොර්ක් හි ස්ටැටන් අයිලන්ඩ් ප්‍රදේශයේ සිටින අතර ඔවුන් සතියක පමණ කාලයක සිට සිය නිවෙස් වලම නිරෝධායනය වන බවද තානාපති ආරංචි මාර්ග කියා සිටී.
එම වයිරසය ආසාදනය වූ ලාංකික පවුල් වල සාමාජිකයන් ගේ තත්ත්වය යහපත් වෙමින් පවතින බවත් , ඔවුන් ගැන වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයගයේ හා නිව්යොර්ක් හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ බලධාරීන් විසින් නිරන්තරයෙන් සොයා බලන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
නිව්යොර්ක් හි ස්ටැටන් අයිලන්ඩ් ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින් බහුතරයක් වෙසෙන අතර , එහි සිටන බොහෝ පිරිසක් දිගු කාලයක පටන් එරට නේවාසිකව රැදී සිටින පිරිස් වෙති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ්රී ලාංකික කාන්තාවක් කොරෝනා වැළදීමෙන් ඇමරිකාවේදී මරුට
lalithm Wednesday, 01 April 2020 12:06 PM
අපි මොවුන් ශ්‍රී ලාංකිකයින් විදියට හඳුන්වන්නේ මොකද? ඔවුන් ඒ රටවල පුරවැසියෝ. මේ තැනැත්තිය ඇමෙරිකානුවෙක්.
PrabhaWednesday, 01 April 2020 12:37 PM
උපතින් ශ‍්‍රී ලාංකික නම් අපිට ඔහු හෝ ඇය ශ‍්‍රී ලාංකිකයෙක්... සමහර රටයෑමට ගොස් අනාගත් අයට මෙක දිරවාගන්න අමාරු බව කණගාටුවෙන් හරි කියන්න සිදුවෙ...