(විනීතා එම් ගමගේ සහ ප්‍රින්ස් රත්නායක)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා (61 කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී ඊයේ (03) අභාවප්‍රාප්ත විය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ධූරයට 2019 වර්ෂයේ දෙසැම්බර් මස පත් වූ ඒ මහතා ඊට පෙර ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ උප සභාපති ලෙස ද, ජාතික රක්ෂණ සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂක ලෙස ද කටයුතු කර තිබේ.
රත්නපුර ශ‍්‍රී සුමන සමන් දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙසද ඔහු කලක් කටයුතු කලේය.
දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සොයුරෙකු වූ ක්ලිෆර්ඩ් රත්වත්තේ මහතාගේ පුත්‍රයෙක් වූ කමල් රත්වත්තේ මහතා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද ඉතින් කරපු හරිය තමයි...
වාසගම බැලුවාම ඇති අපි මොන ලෝකෙටද යන්නේ කියලා. මෙයාලා වෙනුවෙන් පැතුවත් ඒ ගොල්ලෝ යන ලෝකේ ඉන්නකොටම හදාගෙන තිබුණේ.
මේවා දියුණු කරලා පරලොව ගියා නම් හොඳ තැනක උපදීවි. මම හිතන්නේ එහෙම වෙන්න විදියක් නැහැ කියලා....
නිවන් සුව ලැබේවා..!!!
පිටරටවල හිරවෙලා දහදුක් වින්ද මිනිස්සුන්ගේ අඳෝනාවල්, වේදනා නෑසූ කන්ව සිටි විදේශ සේවා නියුක්තිකයින්ගේ කාර්යාංශය පව්... මෙතුමා පිටින් ගියා වත්ද?