(නිමල කොඩිතුවක්කු)

ශ්‍රි ලංකා - චීන තානාපති සබඳකම් හැටපස් වන සමරුව සහ චීන ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුම ට වසර 70 ක් පිරීම නිමිත්තෙන් වන සමරු උළෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(17) පස්වරු 2.30 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ.

මෙම සැමරුම් උළෙලට පක්ෂ නායකයින් සහ ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වන අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයෝ සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වන බවත් චීන ශ්‍රී ලංකා තානාපති සබඳතා සැමරුම් කමිටුවේ සභාපති ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

සංවත්සරය වෙනුවෙන් ප්‍රකාශ සමරු සංග්‍රහයක් ද මෙහිදී එළි දැක්වෙයි.

චීන ශ්‍රී ලංකා සබඳතා සිහිගන්වන සංස්කෘතික අංගයන් ද එම සමරු උළෙලට ඇතුළත් වේ.

චීන ශ්‍රී ලංකා තානාපති සබඳතා  සැමරුම් කමිටුව මෙම උළෙල සංවිධානය කරයි.