(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල එංගලන්තයට හමුවේ ඊයේ (01) ලැබූ එක්දින ජාත්‍යන්තර තරග පරාජයත් සමඟ ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවක් පරාජය වූ රට බවට පත්විය.
ශ්‍රී ලංකා ඊයේ 428 වැනි එක්දින ජාත්‍යන්තර තරග පරාජය ලැබූ අතර ශ්‍රී ලංකාව මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 860 කට ක්‍රීඩා කර තිබේ.
ඉන්දියාව එක්දින ජාතයන්තර තරග 993 කින් තරග 427 ක් පරාජයට පත්ව මීට පෙර පළමු ස්ථානයේ පසුවිය. පාකිස්තානය තරග 933 කින් තරග 414 ක් පරාජයට පත්ව වැඩිම පරාජය ලැබූ රටවල් අතර තෙවැනි ස්ථානයේ පසුවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති දූශිත රටක ක්‍රිකට් විතරක් හොද වෙන්නේ කෙසේද?
මගේ හදපිරි සුබපැතුම් එක් කරනවා ක්‍රිකට් පාලක මණ්ඩලයට
රටේ ඉහළම තැන ඉදල පහළම තැන ෆේල්
කාටද ආඩම්බර
වොයිස් කට් ක්‍රීඩා ඇමති, හැම විෂයකටම මාද්‍ය ඉස්සරහ වොයිස් කට් දෙනවා හිටු කියල. මම හිතන්නෙ එතුම අවුරුදු පහ ඉවරවෙද්දි පොතක් ලියයි ලංකාවෙ ක්‍රිකට් නමින් ක්‍රීඩාවක් තිබුනේය කියල.
ලෝක සූරයින් මේතැනට ගෙනාවේ කපටි බුකි කාරයෙක් බවයි මේවා ගැන යමක් කමක් දන්නා අය චෝදනා කරන්නේ.
ක්‍රීඩා ඇමැති සහ තේරීම් කමිටුව වහාම ඉවත් කරන්න
රීබෝන්ද මොකද්ද මානසික රෝගයක් යනවලු නේද ඇතුලෙ. 21 වැනිි සියවසෙන් ගල් යුගයට ගිහින් මනස විකෘති කරගත්තම ගැටලු ඇති. මොනා වුණත් ඕං ඔය කොල්ලන්ට හේනක් කුඹුරක්වත් කොටන්න පුරුදු කළා නම් රටට වැඩක් ගන්න පුලුවන්
කොහොම උනත් ලෝක වාර්තා වක් නේ..ගහන්න අත්පුඩියක්
මේ ලෝක වාර්තාව කාටවත් සම කරන්න හිතන්න වත් බැහැ ෂුවර්
ඕක ශුවර් එකටම කඩන්න බැරි වෙන්නම තියෙනවා.
සතුටේ බෑ අප්පා....!!!