
(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)
වයඹ පළාත් ක්‍රීඩා නිලධාරිනියක සහ වෙරළ වොලිබෝල් විනිසුරුවරියක් කුරුණෑගල - මීගමුව ප්‍රධාන මාර්ගයේ මැටියගනේ, දුම්මලේවත්ත ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් මරණයට පත්ව ඇතැයි නාරම්වල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ සාගරිකා ලක්මාලි නැමති ක්‍රීඩා නිලධාරිනියකි.
පොලිසිය පවසන පරිදි, යතුරුපැදිය මීගමුව දෙසට ධාවනය වෙමින් තිබියදී ඉදිරියෙන් ධාවනය වූ කුඩා ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් යතුරුපැදිය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇත.
ජීවිතක්ෂයට පත් සාගරිකා ලක්මාලි මහත්මිය දඹදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවියක් වන අතර, එහිදී වොලිබෝල් ක්‍රීඩාවට පිවිස ජාතික මට්ටමේ දක්ෂතා දැක්වූ දක්ෂ ක්‍රීඩිකාවක් ලෙස සඳහන්ය.
ඇය වයඹ පළාත් ක්‍රීඩා නිලධාරිනියක ලෙසත්, ජාතික වොලිබෝල් සහ වෙරළ වොලිබෝල් විනිසුරුවරියක ලෙසත් කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd