( බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

අඟුරුවාතොට  දොඹගොඩ යුදෝපකරණ  බලකා රෙජෙමේන්තුවේ පුහුණු  නිලධාරියකු ගේ හිසට ටි 56 ගිනි   අවියකින් වෙඩි වැදි මියගොස් ඇතැයි අඟුරුවාතොට  පොලිසිය කියයි

මියගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචිව සිටි සැරයන් සුරේෂ් කැලුම් නැමැති 35 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

ඔහු වැටී සිටි ස්ථානය අසල ටී 56 ගිණි අවියද තිබී ඇත. පුහුණු පාසලේ ආයුධාගාරය අසල  ව්වේකාගාරයේ සිටි සෙබලෙකුට අයත් ගිනි අවියෙන්. එම වෙඩිවැදීම සිදුව ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පුහුණු නිලධාරී සැරයන් වරයාගේ සිරුර විවේකාගාරයේ මුනින් අතට වැටී තිබී ඇති අතර හිසෙන් විශාල ලේ දහරාවක් ගලා ගොස් තිබූ බවත් පොලිසිය කියයි.