
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රෝහණ විජේවීරගේ අදහස් මේ වන විට ආණ්ඩුවේ දර්ශනයෙන් චුත වී යාම ඉතා කණගාටුවට කාරණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
"මේ ආණ්ඩුව පැමිණියේ 76 වසරක ගොවියාගේ සාපය සෞභාගයක් බවට පත්කරන බව කියමිනුයි.මේ වන විට ගොවි ජන ජීවිතය ආර්ථික සංහාරයක් බවට පත්වෙලා.අපි යෝජනා කරපු වැඩපිළිවෙළ වලින් එකක් හෝ ක්‍රියාත්මක කරන්නට කටයුතු කිරීම පිළිබඳව ස්තුතිය පළ කරනවා නමුත් මෙය ප්‍රමාණවත් වන්නේ නැහැ.අප රටේ සියයට 76ක ඉල්ලුම තියෙන්නේ රතු නාඩු සහ සුදු නාඩු වලටයි.ලාල් කාන්ත ඇමතිවරයා වී වගාව සම්බන්ධයෙන් ප්‍රකාශ කළ ආදායම් වියදම් සංඛ්‍යා දත්ත අනුව සලකා බැලුවහොත් ගොවියාට මාස හයක් සඳහා ලැබෙන ලාභය රුපියල් ලක්ෂයක් පමණයි.මාසයකට ලැබෙන ලාභය රුපියල් 16600යි.එවන් මුදලකින් ගොවියා ජීවත් වෙන්නේ කොහොමද?ඒ නිසා සහතික මිල ලබාදීමේ ක්‍රමවේදය ගැන ඔබතුමන්ලාට අලුතෙන් සිතන්නට සිදුවෙනවා.ඔබතුමන්ලාගේ සූත්‍රය වගේම වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම දෝෂ සහගතයි.ගොවියා රජ කරනවා කියන එක රටේ හැමදෙනාම කියන කතාවක්.නමුත් ඔබලා ගොවියාට කසිප්පු කාරයා යැයි අමතනවා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd