කඩවත, වෑබඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් සෝදිසි කිරීමේදී හෙරොයින්, ගිනිඅවි සහ පතුරම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසය කියයි.  

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 02ක්,  T-56 පතුරම් භාවිත කළ හැකි මෙරට නිෂ්පාදිත T-කටස් වර්ගයේ අවි 05ක් සහ බෝර 12 පතුරම් යෙදිය හැකි ගල්කටස් වර්ගයේ අවි 02ක්, විවිධ වර්ගයේ පතුරම් 600කට අධික ප්‍රමාණයක් සහ අත්විලංගු 02ක් පොලිස් භාරයට ගෙන ඇත.