(කේ. බුද්ධික කුමාරසිරි)

රථ වාහන විකුණන මුවාවෙන් ගැණුම්කරුවන්ට සහ විකුණුම්කරුවන් රවටා රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් වංචා කළ බව කියන වාහන විකුණුම් ආයතනයක හිමිකරුවකු ලබන 25 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හෝමගම වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියංකා මද්දුමපටබැදි මෙනවිය නියෝග කළාය.

අදාල මුදල් වංචාවන්ට රැවටුණු පුද්ගලයන් 15 දෙනකු පමණ මීගොඩ පොලිස් ස්ථානයට සිදුකර තිබූ පැමිණිලි මත සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ හෝමගම ගොඩගම ප්‍රදේශයේ රථ වාහන විකිණීමේ අලෙවි මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය  චාමර භවන්ත නැමැත්තෙකි.

මෙයට පෙර අවස්ථාවකදී අදාල සැකකරු මීගොඩ පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපතිවරයා විසින් අත් අඩංගුවට ගැනීමට සැකකරුගේ වාහනය මග හරස් කර නැවැත්වීමට ගත් උත්සාහයකදී එම පොලිස් නිළධාරීයා හප්පා පලා පලා යාමට තැත් කර ඇති අතර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ ද සැකකරුට එරෙහිව අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට මීගොඩ පොලිසිය කටයුතු කර තිබුණි.