(ජේ. ඒ. එල්. ජයසිංහ)

මහනුවර පල්ලේකැලේ දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ විශේෂ කුටියක රඳවා සිටි මරණ දඬුවම නියමවූ සිරකරුවන් සිවුදෙනෙකු සහ දීර්ඝ කාලීන සිරදඬුවම් විඳිමින් සිටි සිරකරුවන් දෙදෙනකු ,ඔවුන් රඳවා සිටි සිරකුටිවල වැසිකිළිය ආසන්නයේ තිබූ සිරකුටියේ යකඩ කූරූ කපා පළා යාමට තැත් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

මෙම සිරකරුවන් සූක්ෂමව සිරකුටි වල යකඩ කූරූ සියුම් කියත් තලයකින් කපා පළායාමේ තැත  සිරකරුවන් කීප දෙනෙකු හරහා ලැබුණු තොරතුරක් මත වළක්වා ගන්නට හැකිව තිබේ,

සිර මැදිරියේ යකඩ කූරූ කැපීමට යොදාගත් කුඩා කියත් තල ඇතුලු උපකරණ කීපයක්ද බන්ධනාගාර නිලධාරින් විසින් සොයා ගෙන ඇත,

සිද්ධියට මූලික වූ මරණ දඬුවම නියම වී සිටි සිරකරුවන් දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයටත් ,අනෙක් සිරකරුවන් දෙදෙනා . අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයටත් මාරු කිරීමට පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ පාලනාධිකාරිය පියවර ගනු ලැබීය,