
රාගම - වල්පොල මාර්ගයේ වල්පොල දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදු වූ අනතුරකින් දැරියක මියගොස් ඇගේ මව සහ සහෝදරයා තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
රාගම සිට වල්පොල දෙසට ධාවනය වූ ලොරි රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක හා ලොරි රථයක ගැටී මාර්ගය අයිනේ ගමන් කළ මවක සහ ඇගේ දරු දෙදෙනාද යට කර නතර වි ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ ළමුන් දෙදෙනා සහ මව රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ගැහැණු දරුවා මියගොස් ඇත.
මියගිය ගැහැණු ළමයා අවුරුදු 08 ක් වූ රාගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.
අනතුරට සම්බන්ධ ලොරි රථ රියැදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd