
(ප්‍රදීප් කුමාර)
යාපනේ බණ්ඩාර තරිප්පු ප්‍රදේශයේ ඉකුත් 20 දා පැවති කෝවිල් උත්සවයේදී ඇස් වල ඇති වු සංකුලතා හේතුවෙන් රෝහල් ගතා වු පිරිස අද වන විට 400 ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව අධි ආලෝකයක් සහිත විදුලි බුබුළු හා රතිඤ්ඤා අධික ලෙස දැලවීම හේතුවෙන් එම කෝවිලේ උත්සවයට සහභාගී වු වන්ගේ ඇස් වල දැවිල්ලක් හා පෙනීමේ දුර්වලතාවයක් හට ගෙන තිබේ.
ඒ අනුව ඉකුත් 21 දා සිට එම කෝවිල් උත්සවයට සහභාගී වු පිරිස් යාපනය ශිකාශන රෝහලට හා තෙල්ලිප්පලේ රෝහලට ඇතුලතව තිබේ.
ඒ අනුව මේ වන විට 400 ට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබා ඇති බව යාපනය රෝහලේ වෛද්‍ය වරු සදහන් කරයි.
එම කෝවිල් උත්සවයට සහභාගී වී තමන්ට යම් සංකුලතා පවතින්නේ නම් වහාම රෝහල් ගත වන ලෙසත් රෝහලේ ඒ සදහා සියලු පහසුකම් සපයා ඇති බවත යාපනය රෝහලේ අධ්‍යක්ෂක ටී. වෛද්‍ය ටී. සත්‍යමුර්ති මහතා සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd