( සුජිත් හේවාජුලිගේ)
වෙළෙඳපොළෙන් ලබාගත් පොල් තෙල් සාම්පල සීයකින් අටක් පිළිකාකාරක ඇෆලටොක්සීස් අඩංගුදැයි සොයාගැනීම සඳහා පොල් සංවර්ධන මණ්ඩලයට අද ( 28) බාරදුන් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පොල් සංවර්ධන මණ්ඩලයේ පර්යේෂණ අංශය ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා වාර්තාවක් සතියකදී බාරදෙනු ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් කීය.
පාරිභෝගික කටයුතු අධිකාරියේ එම පොල්තෙල් සාම්පල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලබාගෙන පැවැත්වූ අහඹූ ලෙසය.
මේ අයුරින් දිවයිනේ තවත් ප්‍රදේශවලින් පොල්තෙල් සම්පල ලබාගැනීම ඉදිරියටත් සිදුකෙරන බවත් එම අධිකාරියේ කණ්ඩායම් කිහිපයක් ඒ සඳහා යොදවා ඇති බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාර්තාව එන්න කලින් රේගුවෙන් නිදහස් කළ අයට විරුද්ධව නීතීය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ?
විෂ සහිත පොල්තෙල් එවන රටවල් නම් කරන්න. මම ඊයේ ලංකාවේ ලොකුම සුපර්මාර්කට් ජාල වල තියෙන පොල්තෙල් වර්ග වල නිෂ්පාදිත රටේ නම බැලුවා.. හැම එකකම තියෙන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලයි. කිසිම පොල්තෙල් බෝතලයක ආනයනික පොල්තෙල් කියලා හෝ, පාම් ඔයිල් කියලා ගහලා තිබුණේ නැහැ. පාරිභෝගිකයින් රවට්ටවන්නට රජය, රජයේ නිලධාරින් මේ හැටි ඉඩ දෙන්නේ ඇයි? මේවට වැරදි කාරයින් පගා අරන් රටේ මිනිස්සුන්ට විස කවන්න ඉඩ දෙන අයත් ගෙදර යවන්න.
මේ යන විදිහට මේක නවතින්නේ ගෙදරට ඇවිත් පොල්තෙල් පරීක්ෂා කරලා ඒවායේ ඇෆලටොක්සීස් තියෙනවා නම් ගෙදර මනුස්සයා හිරේ දාලා.
මුලින්ම ගෙනාපු අය උල තියන්නේ නැතිව බෝතල් මූඩි හොයනවා.
පොල් සංවර්ධන මණ්ඩලයේ පර්යේෂණ අංශය වස දමනවා ඇත. සියලුම නිලධාරීන් මන්නාරමට සිථාන මාරු කරනවා ඇත.
පරීක්ෂා නොකිරීමේ වරද