(ඉන්දිකා  රාමනායක)

සමාව  ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ වහල මත නැග විරෝධතාවයේ නිරත රැඳවියන්  15  දෙනෙකුගේ සමන්විත කණ්ඩායමක්  වෙනත් බන්ධනාගාර වෙත මාරු කර ඇත.

මොවුන් මහර , බූස්ස, අගුණකොළපැලැස්ස,  යන බන්ධනාගාර වෙත මාරු කළ බව  බන්ධනාගාර මාධ්‍ය  ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

වැලිකඩ  බන්ධනාගාරයේ  මරණීය දණ්ඩණය , ජීවිතාන්තය දක්වා සිර දඬුවම්, සහ දීර්ඝ කාලීනව සිරදඬුවම්  විදින රැඳවියන් පිරිසක් ඔවුන්ට සමාව ඉල්ලා මසකට පමණ කාලයක සිට විරෝධතාවයක නිරත වෙමින් සිටි බවද ඒ මහතා කියා සිටියේය.

පාලන කටයුතු වලට බාධා කරමින් මොවුන් දිගින් දිගටම විරෝධාවේ නිරත වීම හේතුවෙන්  අවට බන්ධනාගාර වලින්  බන්ධනාගාර  නිලධාරීන් කැඳවා මොවුන් වහළයෙන් බස්සවා   තත්තවය පාලය කළ බවද හෙතෙම කීය.

 බන්ධනාගාර ආඥාපනත  උල්ලංඝනය කරමින් ඔවුන්  එහි දේපළවලට හානි  කිරීම, වෙනත් සිරකරුවන්ට හිංසන කරමින්  පාලන කටයුතු බාධා කරමින් නොසන්සුන්කාර ලෙස  හැසිරීම  සම්බන්ධයන්  මොවුන්ට එරෙහින බන්ධානාගර  ආඥාපතින අනුව    විමර්ශන  සිදුකරන බවද  හෙතෙම කියා සිටියේය.

මෙම විමර්ශන අනුව මෙම කණ්ඩායම්  වෙනත් බන්ධනාර වෙත මාරු කළ බවත්, තවත් පිරිසක් ඉදිරියේ මාරු කිරීමට නියමිත බවද     මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.