(යොහාන් භාසුර)
මෝටර් රථවල අංක හතඩුවල පළාත් සංකේතය ඉවත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි වාහන නියාමනය, බස් රථ ප‍්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලලිත් ද අල්විස් මහතා පවසයි.
ලේකම්වරයා පැවසුවේ වාහන අංක හතඩු පළාත් සංකේතය ඉවත්කිරීමේ ඉදිරි නීතිමය කටයුතු මේ වන විට ක‍්‍රියාත්මකව පවතින බවත් ගැසට් නිවේදනයක් මගින් ඉදිරියේදී පළාත් සංකේතය ඉවත්කිරීම ප‍්‍රසිද්ධ කරන බවයි.
පළාත් සංකේතය ඉවත්කිරීමෙන් පසු වාහනයක හිමිකරුගේ පදිංචි පළාත වෙනස් වීමේදී අංක හතඩුව වෙනස් නොවන බවත් නව අංක තහඩුව සමස්ත ශ්‍රී ලංකාවටම වලංගු බවත් ලේකම්වරයා කීය.
වර්තමාන වාහන අංක තහඩු නීතියට අනුව වාහනයක හිමිකරුගේ පදිංචි පළාත වෙනස් වුවහොත් අංක තහඩුව වෙනස් කළ යුතු අතර ඒ සඳහා රුපියල් 2000 කට වැඩි අමතර මුදල් වාහන හිමිකරු දැරිය යුතුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අදහසක්... මට දවස් 02ක් රස්තියාදු වුණා. අංක තහඩුව ගේන්න කොළඹට යන්නත් වුණා.
හරක්ට නීති හදන්න දීලා... එක එක වෙලාවට වෙනස් කරනවා. මේ රටේ ජීවත් වෙන එකත් කරුමයක්.. අපි දුන්නු සල්ලි ආපහු ගෙවන්න. ඕවා ගෙනාපු අය හිරේට යවන්න.
මාෆියා දේශපාලුවන්ගේ තවත් වික්‍රමයක්.ලෝකයේ දියුණුම රටවල වාහන අංක තහඩුවේ වාහන අයත් ප්‍රදේශය සඳහන් වෙනවා.ඒ ආරක්ෂක උපක්‍රමයක් ලෙසයි.මන්කොල්ලයකදී, මිනිමරුමකදී ..".වහාම " වාහනය සහ අයිතිකරු පිලිබඳ දත්තයන් සොයාගැනීම සඳහායි.
ඕනෙ මගුලක් ඉවත් කරන්න... හැබැයි අලුත් අංක තහඩුවට අපෙන් අයකරන්නේ නැතිව... එනවා මෙතන මගුලක් කතා කරන්න.
ඔහේලාට ඕනෑ විදියට අංක, අකුරු ඉවත් කරන්න, එකතු කරන්න අපි සල්ලි ගෙවන්න ඕනෑ නෑ. ඕනෑම නම් ඔහේලාගේ වාහනවල අකුරු අයින් කරගන්න. සල්ලි සල්ලි සල්ලි.. හැම එකටම සල්ලි..
රටේ තිබුණු ලොකුම දැවෙන ප්‍රශ්නයක් යාන්තම් විසඳිලා... ජනතාවට දැන් ලොකු සහනයක් ලැබිලා තියෙනවා.