(අංජුල මහික වීරරත්න)

මේ වසරේ පළමු අර්ධ වාර්ෂික ජල ගාස්තු සංශෝධනය සිදු නොකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2024 ජුලි 15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමත කරන ලද ජල ගාස්තු සූත්‍රය අනුව ප්‍රධාන පිරිවැය සාධක වල ඇති වන වෙනස් කම් සැලකිල්ලට ගෙන ජල විකුණුම් ඒකක පිරිවැය අර්ධ වාර්ෂිකව සමාලෝචනය කළ යුතුව තිබේ. 

2025 වර්ෂය සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශය මත පදනම්ව සිදු කරන ලද විශ්ලේෂණය අනුව, වත්මන් ජල ගාස්තු මඟින් සම්පුර්ණ මෙහෙයුම් වියදම් ආවරණය කර ගැනීමට හැකියාව පවතින බව තහවුරු වී තිබේ. එබැවින්, 2026 වර්ෂයේ පළමු මස 6 තුළ ජල විකුණුම් ඒකක පිරිවැය ඉහළ නැංවීමකින් තොරව පවත්වා ගෙන යාමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය  තීරණය කර තිබේ. 

ඒ අනුව, 2026 වර්ෂයේ පළමු මාස හයේදී වත්මන් ජල ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වා ගෙන යාම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා  විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.