
(රේඛා තරංගනී ෆොන්සේකා)
මැදිරි 200ක් පිළිසකර කිරීමේ ව්‍යාපෘති යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ තන්ත්‍රි පුද්ගලික සමාගම එක්ව තැපැල් දෙපාර්මේතන්තුවේ අවශ්‍යතාවට ගැළපෙන ලෙස වැඩ නිමවූ වසර 31ක් ඉපැරණි තැපැල් දුම්රිය මැදිරියක්, බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියට එක් කර තිබේ.
මැදිරි 500ක අවශ්‍යතාවය සපුරනු පිණිස මූලික අදියරේ මැදිරි 200ක් නිමවීමට මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාවට නංවා ඇති අතර මෙම මැදිරිය බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ 173 වැනි මැදිරිය ලෙස එක් කර ඇත.
දේශීය කර්මාන්තකරුවා නගා සිටුවීම සහ දිරිගැන්වීමේ අරමුණින් 2015දී යෝජිත අයවැය යෝජනාවකට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය.
"තැපැල් දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවයට අනුව නිමකල රුමේනියානු දුම්රිය මැදිරිය වසර 31 පැරණියි. එය ලංකාවට ආනයනය කලේ 1989 වර්ෂයේ.
අඩි 45ක් දිගින් යුතු මෙම මැදිරිය ලිපි රඳවන කවුළු 180 කින් සමන්විතයි. එමෙන්ම එහි ලිපි ගැටගසා තැබීමේ පහසුකම් මෙන්ම ප්‍රධානියා වෙනුවෙන් වෙන්වූ ප්‍රධාන මේසය, (කිචන් සින්ක්) එක 10 දෙනකුට පහසුවෙන් සිය කාර්යන්හි නිරත විය හැකියි. පහසුකම් රැසකින් මෙය සමන්විතයි.
මිලියන 18ක් මෙම මැදිරියක් සඳහා වැය වෙනවා. මෙහි ව්‍යාපෘති ගිවිසුමට අනුව මැදිරි රෝද, තිරිංග පද්ධතිය වැනි මගී ආරක්ෂාව සලසන යාන්ත්‍රික කොටස් දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනේරු කණ්ඩායම විසින් නිමවනවා. මැදිරියේ ඇතුලත කොටස් තන්ත්‍රී ආයතනය විසින් නිමවනවා.
මෙවැනි තැපැල් මැදිරි පහක් රාත්‍රි තැපැල් දුම්රියන් තුනකට යොදවා තිබෙනවා. ඒ අනුව ගාල්ල තැපැල් දුම්රියට,බදුලු තැපැල් දුම්රියට,කන්කසන්තුරේ දක්වා ධාවනය වන දුම්රියට මෙම මැදිරි යොදවනවා. තැපෑලේ අවශ්‍යතාවය අනුව එම තැපැල් මැදිරි නිමවෙනවා" යැයිද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය රජය විසින් ආරම්භ කරන ලද ඉතා වටිනා වැඩපිළිවෙළක් ඉදිරියට ක්‍රියාත්මක කිරීම අගයකළ යුතුයි.
ප්‍රශ්නයකට තියෙන්නේ වැසිකිලියේ පරණ ක්‍රමයමයි තියෙන්නේ. යමෙක් වැසිකිලියට ගියාම වැටෙන්නේ කොච්චි පාරටමයි. දියුණු රටවල ඒවා වෙනම ටැංකියක එකතුවෙනවා. පරිසරය අපවිත්‍ර වෙන්නේ නැහැ...