2023 පෙබරවාරි 13 | පෙ.ව. 08:35
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වැරදි සිදු කළ බවට පවරා ඇති නඩුවකින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කර තිබේ.
වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් 2023 ජනවාරි 31 දින ලබා දුන් නියෝගය ඉවත් කරන ලෙස මෙම ප්‍රතිශෝධන අයදුම්පත්‍රය හරහා නීතිපතිවරයා ඉල්ලා සිටී.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයකු නිදහස් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලයක් නොමැති බව නීතිපතිවරයා කියා සිටියේය.
නීතිපතිවරයාගේ උපදෙස් ලැබීමට පෙර මහේස්ත්‍රාත් අධිකරණය සැකකරු නිදහස් කළ බව නීතිපතිවරයා වැඩිදුරටත් පැවසීය. මාස පහක් සිරගතව සිටි වසන්ත මුදලිගේ නඩුවෙන් නිදහස් කිරීමට ජනවාරි 31 වැනිදා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන බදු මුදලින් යැපෙන මේ නීති පතිවරයා වැඩ කරන්නේ රටේ මහජනතාව වෙනුවෙන්ද නැත්නම් රනිල් රාජපක්ෂ වෙනුවෙන්ද ?
එ කියන්නෙ පිනා ආතල් එකක් අරන් පොඩි නින්දක් දාගෙන ඉන්න වෙලාවක තමයි මෙ කොලුවව නිදහස් කරල තියෙන්නෙ. . ලොන්ත නාකියා නින්දෙන් ඇහැරිලා තියෙන්නෙ කොලුවගෙ සින්හ නාඩිය ඇහිලා.. වහාම මෙ ගැන පරික්ශනයක් කරන්න ඔනමයි කියලා කිව්වලු නීතිපති ට.. එහෙමද වෙලා තියෙන්නෙ?
රටේ පවතින නීති පද්ධතියත්,උසාවි පද්ධතියක් දේශපාලනයට යටත් වෙලා.තවදුරටත් මේ රටේ සාධාරණය යුක්තිය ඉටු නොවන බව නම් පැහැදිලිය.
නීතිපතිට, රාජපක්ෂලාගේ නඩු නම් යස අගේට ඉල්ලා අස්කරගන්න පුලුවන්. මහත්තයෝ දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදෙන්න ගත්තම වැල් පොලී සමග ලැබෙයි.
රෙදි නැතුවම දේශපාලනයට කඩේ යන රජයේ නිලධාරියෙක්...
මොකද මේ වසන්ත පස්සේ එලවන්නේ. ආණ්ඩුව වසන්තට මෙතරම් බය ඇයි?
මේ නිදහස් කිරීම NPP කුමන්ත්‍රණයක්
මේ වගේ අය හිරේ දාලා අපේ සල්ලිවලින් නඩත්තු කිරීමත් පාපයක්... රටේ අධ්‍යාපනය විනාශයට වගකිව යුත්තෙක්...!
ඔය කියන කොල්ලට ඔච්චර රට ගැන අමාරුවක් ,කැක්කුමක් තියනවානම් දේශපාලනයට ඇවිත් පාර්ලිමේන්තුවට යන්න ,ගිහින් ප්‍රශ්න විසඳන්න මෝඩ ජෝක් දාන්නේ නැතිව