IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


වසන්ත නිදහස් කළාට එරෙහිව නීතිපතිගෙන් අයදුම්පතක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ  කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වැරදි සිදු කළ බවට පවරා ඇති නඩුවකින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කර තිබේ. 

වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් 2023 ජනවාරි 31 දින ලබා දුන් නියෝගය ඉවත් කරන ලෙස මෙම ප්‍රතිශෝධන අයදුම්පත්‍රය හරහා නීතිපතිවරයා ඉල්ලා සිටී.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයකු නිදහස් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලයක් නොමැති බව නීතිපතිවරයා කියා සිටියේය.

නීතිපතිවරයාගේ උපදෙස් ලැබීමට පෙර මහේස්ත්‍රාත් අධිකරණය සැකකරු නිදහස් කළ බව නීතිපතිවරයා වැඩිදුරටත් පැවසීය. මාස පහක් සිරගතව සිටි වසන්ත මුදලිගේ නඩුවෙන් නිදහස් කිරීමට ජනවාරි 31 වැනිදා නියෝග කළේය.



අදහස් (10)

වසන්ත නිදහස් කළාට එරෙහිව නීතිපතිගෙන් අයදුම්පතක්

Anura Monday, 13 February 2023 09:11 AM

මහජන බදු මුදලින් යැපෙන මේ නීති පතිවරයා වැඩ කරන්නේ රටේ මහජනතාව වෙනුවෙන්ද නැත්නම් රනිල් රාජපක්ෂ වෙනුවෙන්ද ?

:       6       20

sharm warn Monday, 13 February 2023 09:45 AM

එ කියන්නෙ පිනා ආතල් එකක් අරන් පොඩි නින්දක් දාගෙන ඉන්න වෙලාවක තමයි මෙ කොලුවව නිදහස් කරල තියෙන්නෙ. . ලොන්ත නාකියා නින්දෙන් ඇහැරිලා තියෙන්නෙ කොලුවගෙ සින්හ නාඩිය ඇහිලා.. වහාම මෙ ගැන පරික්ශනයක් කරන්න ඔනමයි කියලා කිව්වලු නීතිපති ට.. එහෙමද වෙලා තියෙන්නෙ?

:       7       8

Jagath Monday, 13 February 2023 11:21 AM

රටේ පවතින නීති පද්ධතියත්,උසාවි පද්ධතියක් දේශපාලනයට යටත් වෙලා.තවදුරටත් මේ රටේ සාධාරණය යුක්තිය ඉටු නොවන බව නම් පැහැදිලිය.

:       3       14

Nihal Monday, 13 February 2023 12:41 PM

නීතිපතිට, රාජපක්ෂලාගේ නඩු නම් යස අගේට ඉල්ලා අස්කරගන්න පුලුවන්. මහත්තයෝ දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදෙන්න ගත්තම වැල් පොලී සමග ලැබෙයි.

:       2       13

C.K.Lankaputhra Monday, 13 February 2023 12:54 PM

රෙදි නැතුවම දේශපාලනයට කඩේ යන රජයේ නිලධාරියෙක්...

:       1       11

sweneMonday, 13 February 2023 07:50 PM

එයා කඩේ නොවෙයි ශොපින් මෝල් එකකට ගියත් කමක් නැහැ. පඩි ගෙවන්නේ අපි... නොදකින්...!

:       0       0

Rohana Monday, 13 February 2023 12:56 PM

මොකද මේ වසන්ත පස්සේ එලවන්නේ. ආණ්ඩුව වසන්තට මෙතරම් බය ඇයි?

:       2       8

Bamunuarachchi Monday, 13 February 2023 12:59 PM

මේ නිදහස් කිරීම NPP කුමන්ත්‍රණයක්

:       7       5

සරත් Monday, 13 February 2023 02:15 PM

මේ වගේ අය හිරේ දාලා අපේ සල්ලිවලින් නඩත්තු කිරීමත් පාපයක්... රටේ අධ්‍යාපනය විනාශයට වගකිව යුත්තෙක්...!

:       6       3

Nandana Monday, 13 February 2023 02:31 PM

ඔය කියන කොල්ලට ඔච්චර රට ගැන අමාරුවක් ,කැක්කුමක් තියනවානම් දේශපාලනයට ඇවිත් පාර්ලිමේන්තුවට යන්න ,ගිහින් ප්‍රශ්න විසඳන්න මෝඩ ජෝක් දාන්නේ නැතිව

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site