
(අංජුල මහික වීරරත්න)
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ 5 වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනයෙහි (TPR) පළමු සැසි වාරය ආරම්භ විය.
වෙළෙඳ, තීරු බදු, සේවා සහ ආයෝජන ප්‍රතිපත්ති කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ආර්ථික සංවර්ධන ඉලක්ක පිලිබඳව පුළුල් සාකච්ඡාවක් සිදු කිරීමට ශ්‍රී ලංකාවට මෙහිදී අවස්ථාව ලැබිණු බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
නව රජයේ ආර්ථික ප්‍රතිපත්ති, ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජිකයින් ඉදිරියේ සමාලෝචනයට ලක් වීම ඉතාමත් වටිනා අවස්ථාවක් ලෙස දැක්විය හැකි අතර මෙය ශ්‍රී ලංකාව බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය සමඟ නැවත සම්බන්ධ වීමේ තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරන බවද අමාත්‍යවරයා කියයි.
ශ්‍රී ලංකාවේ වෙළෙද ප්‍රතිපත්ති වල ධනාත්මක වර්ධනයන්, ගැටලු සහ අභියෝග පිළිබඳව අවධානය යොමු කරමින් ගෝලීය වෙළෙඳ හවුල්කරුවන් ඇතුළු ශ්‍රී ලංකාවේ වෙළඳ ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන චීනය, ජපානය, සිංගප්පූරුව, නවසීලන්තය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් 20කට අධික සාමාජිකයින් විසින් ශ්‍රී ලංකාවේ වෙළෙද ප්‍රතිපත්ති ප්‍රශංසනාත්මකව මෙහිදී අගය කිරීම විශේෂත්වයක් ඇමතිවරයා කීය.
වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනයෙ හි දෙවන සැසිවාරය මෙම 17 වන දින පැවැත්වෙ.එහිදී ශ්‍රී ලංකාව WTO සාමාජිකයින්ගේ සවිස්තරාත්මක ප්‍රශ්නවලට පිළිතුරු සපයනු ඇත.
මෙම වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙළෙඳ අමාත්‍යාංශය, වාණිජ දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රේගුව යන ආයතනයන් හි නිලධාරීහු සහභාගී වී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසන්ත අයියා හරි නරකයි. ඉන්නකො, ඔයා ආපහු ආවහම මං හොඳ වැඩක් කරන්නංකො.
වසන්ත ඇමැතිතුමා, ඔය සම්මේලනය පවත්වන්නේ සිංහලෙන් නෙවේ.
වැඩක් නොකළත් කළා වගේ පට්ට ටෝක් ටිකක් දෙයි මීඩියා වලට... රට එතැනමයි. වසන්ත ගොඩ...