
(සුජිත් හේවාජුලිගේ )
අමාත්‍යපදවි වලින් ඉවත් කෙරුණු උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මහත්වරුන් දෙදෙනාට සාධාරණයක් ඉටුවන තුරු තමා අමාත්‍යධූරයේ කටයුතුවලින් වැළකී සිටින බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසූවෙ කොළඹ සිනමා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද උදේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
කැබිනට් මණ්ඩලයද වර්ජනය කරන බව ඔහු සඳහන් කළේය. ජනාධිපතිවරයා උදය සහ විමල් සම්බන්ධයෙන් ගත් තීරණය අසාධාරණ එකක් බවද ඔහු කීවේය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා වැඩ නොකරන අසමත් ඇමැතිවරුන්ගේ ජවනිකා... ජනතාව අතර ජනප්‍රියත්වය අඩු වෙනකොට මොවුන් බොරුවට ටිකක් ආණ්ඩුව විවේචනය කර ජනතාවගෙන් ලකුණු දාගෙන පස්සේ ආයෙත් ආණ්ඩුවේම එල්ලෙනවා...
තවත් එල්ලිලා ඉන්නවා. ලංකා සමසමාජ පක්ෂයත් විනාශ කරලා එදා ඉඳන් එහටෙ මෙහාට පැන පැන රට කෑවා..
ඔයාලාගෙන් මේ රටට කිසිම සෙතක් වෙලා නැහැ. කල් ඉකුත් වූ භාණ්ඩ වගේ. ගෙදර යන්න...
මේ වයසක් උන්දෑ හිටියා කියලා ඇති වෙච්චි සුගතියක් නැහැ. එහෙටයි, මෙහෙටයි පැන පැන කොහොම හරි බලයේ ඉන්නයි ඕනෑ වුනේ...!
අස්වෙලා නැහැ... රාජකාරි මගහැරීම කරලා තියෙන්නේ... කොන්ද පණ ඇති කෙනෙක් නම් සගයින් වෙනුවෙන් තනතුරෙන් ඉල්ලා අස්විය යුතුයි..
වැඩකට නැති දේශපාලකයින් හා ඔවුන් ගැන කතාකිරීම පසෙක තබා රජය රටේ උද්ගත වී පවතින දැවෙන ප්‍රශ්න විසඳීමට වහා කටයුතු කළ යුතුයි...!
මේ ප්‍රතිචාර ටිකවත් බලලා විශ්‍රාම ගන්නවා නම් හොඳයි. වාමාංශික පක්ෂ මෙරට ජනතාවට අප්‍රසන්න වුණේ මේ වගේ අය හින්දා...
කවදාවත් වෙනම ඡන්දෙකට ඉදිරිපත් වෙලා ඡන්ද 5000ක් ගන්න බෑ... අනුන්ගේ එල්ලිලා පාර්ලිමේන්තු ගිහිල්ලා අලි ටෝක් දෙනවා...
අනේ යන්න... ඔයාලා කෙළින් හිටියා නම්... මේවා සුරපුර... කැලේ වඳුරෝ වගේ පැනපු එකයි කරන්නේ...!!!
මහත්තයෙක් හැටියට ඔබ ඉවත්වෙන්න...!
මේ රටේ වාමාංශික ව්‍යාපාර පාවාදුන් අවස්ථාවාදීන් තමයි ඉන්නේ...!