(ඩී.ජී.සුගතපාල)
නිරෝධායන නීති උල්ලංඝණය කරමින් පළමු පෙළ ආශ්‍රිතයින්ගේ තොරතුරු නිවරදි ලෙස ලබානොදි රෝග බෝවිමට ඉඩ හැරිම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් කළමනාකරුවකු 31වනදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිම ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය නියෝග කළාය.
කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ එස්කුවෙල් ඇඟලුම් කම්හලේ කළමනාකරුවන තල්පෙ මෙරෙන්චිගේ අජිත් නානායක්කාර නමැති අයෙකි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ මෙම ඇඟලුම් කම්හලේ සේවකයින් 1500ක පමණ සේවය කරන අතර මැතකදි කරනු ලැබු පී.සි.ආර්.පරික්ෂණවලදි 283ක් කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගැනිමෙන් පසු පළමු පෙල ආශ්‍රිතයින් 733ක් නිරෝධායනය සඳහා යොමුකල බවය.
මෙම තත්වය මත ඇඟලුම් කම්හල දෛනිකව සේවා මුර ක්‍රමයට පවත්වාගෙන යනු ලබන අතර විවිධ අවස්ථාවන්හිදි නිරෝධායන පනත යටතේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් උපදෙස් ලබාදිම සිදු කලත් කම්හලේ කළමනාකාරු එම උපදෙස් නොතකමින් නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කරමින්පළමු පෙල ආශ්‍රිතයින්ගේ තොරතුරු ලබා නොදෙමින් රෝග බෝවිමට හැකි ආකාරයට කටයුතු කරන බවත් පැමිණිල්ල කියා සිටියේය.
විත්තිකරුට එරෙහිව 1897 අංක 03 දරණ නිරෝධායන හා රෝග වැළැක්විමේ ආඥා පනත යටතේ මෙම නඩුව පවරා තිබින.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කලමනාකරතුමෝ, උසාවියේදී කියන්න රටටම වසංගතය පැතිරීමට ඉඩ හැරිය දේශපාලන නායකයින්ට නීතිය ක්‍රියාත්මක කරන්න. ඊට පස්සේ මාව හිරේ දාන්න කියලා..
දෙවෙනි රැල්ල පටන්ගන්නේ බ්‍රෑන්ඩික්ස් එකෙන්. ඒකේ කළමනාකරුවන් කොරෝනා ආසාදනය වෙලා හිටිය සේවිකාවන්ගෙන් පෙනඩෝල් දීලා වැඩගත්තා. කෝ මේ නීතිය එතකොට...?
මට නම් පේන්නේ ලොකුම විහිළුව,මේ යෝධයා නෙමෙයි අත් අඩංගුවට ගන්න ඕනේ, ඒකට සුදුසුම පුද්ගලයා රටේ ඉන්න ලොකු අප්පු...
එතකොට බ්‍රැන්ඩික්ස් කළමනාකරුගේ වරදක් නැතිද? එයාලා හොඳ ළමයිද? දෙවෙනි රැල්ල පටන්ගත්තේ එතැනින්...
ඔය කියන්නේ ඔය බොරුව පිළිගන්න කියන එක..
ලොකුගේට වෙනම නීතියක්...
ඇත්තටම මේ මුහුදෙන් වටවුණු දූපතක් වන් අපේ රටට පිටරට ඉඳන් වෛරසය ඒමට ඉඩහැරලා රටේ පැතිරීමට වගකිව යුතු දේශපාලන ලොක්කන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැතිද? ඒ වුණාට ඉතිහාස ගත වෙයි මේ කතාන්දරේ... ?
වසන්ත සැණකෙළි තියලා කොරෝනා බෝ කරපු මහින්ද සීයා නම් කිසි කරදරයක් නැතිව ඉන්නවා...
එතකොට ටෙස්ට් කරන්න පිටරැටියෝ ගෙනාපු අය...?
බංග්ලාදේශයේ ඇපරල් කර්මාන්තශාලා ලොක් ඩවුන් වලදී වැසුවේ නැත. නමුත් කොරෝනා නීති අකුරට පිළිපදිමින් වැඩ කෙරීගෙන යන බව දැනගන්න ලැබුණා. අපේ රටේ ගොයියෝ කොටු පනින්න ගොස් කර්මාන්තයම අනතුරේ හෙළනවා.